Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් |

  Рет қаралды 80,369

Dinesh A Pathum

Dinesh A Pathum

Ай бұрын

අතැර දැමූ ගම්මානයක් මැදින් සොදුරු පාරාදීසයකට
වැහි වලාකුළු වලින් වැසී ගත් අහස් ඉම එපිනෙපේටම පවසා සිටියේ සංචාරයෙන් තොර විවේකය සුදුසු යැයි යන පනිවිඩයයි. නමුත් මාසයක පමන කාලයක් නේපාලයේ සුදෝ සුදු වන් හිම කදු සමග කාලය ගත කල මා හට හරිත පැහැගත් සොදුරු ඉමක මොහොතක් හෝ ගත කිරීමට ඇත්නම් යන සිතුවිල්ල සොබාදහමේ පනිවිඩය යටපත් කරේ මාගේත් ඒකමතික වූ කැමැත්ත මතයි.
සංචාරය හෝ යන දිශාවක කිසිදු අදහසකින් තොර වූ මා දහවල් දොලහට පමන කොළඹින් පිටත් වූයේ මහනුවර දෙසටයි. වැඩි මාර්ග තදබදයකින් තොර වූ කොළඹ-නුවර මාර්ගය ඔස්සේ මහනුවරට ගමන් කල මා සොබාදහම විසින් පිළිගත්තේ කඩුගන්නාව සිට එක දිගර ඇද හැලුණු මල් වර්ශාවක ආශිර්වාද ලබා දෙමිනි.
මා මහනුවර මාලිගාවට ආසන්න නවාතැන්පොළක නතර වූයේ උදෑසන "දළදා මාලිගාවේ" තේවාවටත් සහභාගී වී මාගේ සංචාරය ආරම්භ කිරීමට අදහස් කොට ගෙනයි. නවාතැන්පොළට ගොස් මද වේලාවකින් මාගේ ජංගම දුරකථනය එක දිගට නාද වූයේ සහන ගේ දුරකථන ඇමතුමකට අනුවයි. "කියපං සහනේ.." මා දුරකථනයට ප්‍රතිචාර දැක් වූ අතර "අයියා කෝල් කරලා තිබ්බා..." සහන් අනෙක් අතට මාගෙන් විමසන්නට විනි. "ඔව් බං කන්දක් නගින්න වත් යන්ද අහන්න ගත්තෙ උබෙන්.. කෝ ඉතිං උබ නෑනෙ.." .... "අඩේ අයියේ.. මාත් මේ ටිකේ වැකේශන්... ..." කතාව අවසාන කිරීමට පෙර මා කියා සිටියේ "ඔහොම්ම නැගපං නුවර බස් එකක. මම උබව ගන්නම්.. හෙට උදේම යමං කොහෙ හරි.." "හරි අයියේ මම එන්නම්". ඇමතුම එපමන කි.
පැය දෙක තුනක කාලයක් ගත වූ පස නුවර බස් ස්ටෑන්ඩ් එකෙන් සහන්ව අහුලා ගන්නට මට හැකි විනි. මහ වැස්සේම කඩේකට ගොඩ වූ අප රාත්‍රි ආහාර වේලත් ගෙන අප නැවතත් නවාතැන්පොළ වෙත ගමන් ගෙන වේලාසනින්ම නින්දට වැටුනේ පෙර මාගේ සැළසුමට අනුව හෙට උදෑසන මාලිගාවේ තේවාවට සහභාගී වීමට අවැසි වූ නිසාවෙනි.
දුරකථනයේ එලාමය නාද වීමටත් පෙර පාන්දර 4ට පමන නින්දෙන් අවදි වූ මා හට ඇසෙන්නට වූයේ ඒ වන විට පැවති අධික වර්ශාවේ හඩයි. "මේ වැස්සෙ නම් ආයේ තෙමෙන්න බෑ.." මා මාහටම කියා ගනිමින් ඔලුවේ සිට පොරවාගෙන එලාමයත් අක්‍රීය කොට නැවතත් නින්දට වැටුනේ සහන් ගෙන් හෝ අදහස් විමසීමකින් තොරවයි.
උදෑසන නමයට පමන අවදි වූ මමත් සහනේ ත් උදෑසන දහයට පමන ගමන් ආරම්භ කලේ මහනුවර සිට මාතලේ දිශාවට යි. මාතලෙන් රත්තොට හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ගමන් කල අප අවසානයේ නතර වූයේ සොදුරු වන වැස්මකින් වැසී ගත් ඉසව්වක යි. මේ වන විට අප ගමන් ගන්නේ කුමන ගමනාන්තයකටද යන වග කථිකා කොට ගෙන තිබූ හෙයින් අතර මග හමු වන ගම් වැසියන්ගෙන් සහ ගූගල් සිතියමේ ද උපකාර ගෙන මග සොයා ගත්තේ ඒ සොදුරු ගමනාන්තයට රෑ බෝ වීමට පෙරාතුව ලගා වීමට යි.
මාමේ.. "කරගස්තැන්නට හැරෙන්නෙ කොහෙන්ද.." අසළ රැදී සිටි මාමා කෙනෙකුගෙන් විමසා සිටියේ මාර්ගය හරියාකාරවම තහවුරු කර ගැනීමට යි. "ඉස්සරහ වහපු ඉස්කෝලෙ ලගින් තමා යන්න තියෙන්නෙ.. හැබැයි අලියා ඉන්නවා හවස් වෙද්දි.." එපමන කි. මාර්ගය සොයා ගන්නවා ඇරෙන්නට දැන් අලියෙකුගෙන්ද පන බේරා ගත යුතුය.
තේ වතු සහ දීර්ඝ ෆයිනස් වනාන්තර අතරින් තවත් පැයක හමාරක කාලයක් ගමන් කල අපට අවසානයේ මුන ගැසුනේ තවත් දුශ්කර මාර්ගයකි. එහි ෆෝ වීල් රථයකින් හෝ මෝටර් සයිකලයකින් හැරෙන්නට වෙනයම් වාහනයකින් නම් ගමන් කිරීම සැබැවින්ම අභියෝගය කි. පැවති වර්ශාව නිසා තණකොල අතර රැදී ඇති මඩ බයිසිකලයේ රෝද එක විටෙක ලිස්සා යැවීමටත් තවත් විටෙක එක තැන කැරකවීමට තරම් ප්‍රබල ය.
අප ඒ මාර්ගය ඔස්සේත් සැළකිය යුතු දුරක් ගමන් කල පසු මුන ගැසුනේ පාලුවට ගිය අතැර දැමූ ගම්මානය කි. පැවති දැඩි සුළගත් පාලු ගම්මානයත් සැබැවින්ම මනසට රැගෙන ආවේ කුතුහලය පිරි ගුප්ත හැගීමකි. අප මෙහි පැමිනීමට පෙරාතුව ජනාවාසයක් මුන ගැසුනේ කිලෝමීටර් ගනනාවකට එපිටිනි. එබැවින් මෙහි ඇති පාලු සහ ගුප්ත හැගීම පිළිබදව තවත් කරුණු කාරණා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවනු ඇතැයි මා හට සිතේ.
කෙසේ වෙතත් ගම්මානයේ ඇති නිවාස සහ අතැර දැමූ කුඩා කාර්යාල සහ හෙද නිවාස අතරින් අප ඇවිද ගියේ කුතුහලයකිනි. මින් පෙර මෙවන් ස්ථාන මා දැක ඇත්තේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වලදී යුද්ධය නිසා අතැර දැමූ ප්‍රදේශ වල පමනි. නමුත් මේවා ඊටත් වඩා කාලයක් අතැර දමා තිබූ බවට බැලූ බැල්මට පෙනේ. අප පැයක පමන කාලයක් මේ ගුප්ත ඉසව්වේ ගත කල අතර පසුව නැවතත් ගමන් ආරම්භ කලේ අප සොයා යන සොදුරු ගමනාන්තය දිශාවට යි.
තවත් නිමේශයකින් මා මාගේ ජීවිතයේ දුටු සොදුරුතම ඉසව් වලින් එකක් වන හරිත පැහැ ගත් ඉසව්වකට ලගා වීමට අපට හැකි විනි. හරිත පැහැ ගත් මේ සොදුරු ඉසව්වේ කදවුරු රැයක් ගත කිරීමටත් ඒ අවට පැවති සුන්දරත්වය විදීමටත් අපට හැකි විනි. අප විදි සහ මා දුටු ඒ සුන්දරත්වය රූප රචනාවෙන්ම නරඹමු.
රූප රචනාව අද දහවල් 12.30 ට
ආයුබෝවන් මම දිනේෂ්.

Пікірлер: 553
@chandrikaperera6969
@chandrikaperera6969 Ай бұрын
අපෙ හුගදවසකින් ගස්කොලන් ටිකක් දැක්ක ඇස් දෙක පිනවනවා ඇත්තමයි ලොකෙ කොහෙ ගියත් අපෙ මව්බිම තරම් මට නම් කොහෙවත් සුන්දර නැ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🇱🇰🇱🇰❤️💐💐💐
@AsankaKumara-ui2eo
@AsankaKumara-ui2eo Ай бұрын
Aiya rupa Rachana godak lassai. Idiriyata yanna lebewai kiyala parthana karanawa
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 Ай бұрын
ඇත්ත 🥺🤎😍
@amilaprasad7517
@amilaprasad7517 Ай бұрын
ඇත්තම ඇතක්❤
@user-lq9vf2bx6n
@user-lq9vf2bx6n Ай бұрын
youtube.com/@travelshortsmind?si=-cUUeOKPVQMRE0mX meyath lassana then walata yanwa mn dekka
@upalislk6553
@upalislk6553 20 сағат бұрын
❤❤ What you said was exactly correct. People can travel all over the world but there is no land like my mother Land.. this is the heaven yes this beauty is not found anywhere in the world.. am so blessed to born in the paradise.one of the greatest adventure is our brother Dinesh A P.i love him like my self...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💕💕💕💕
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Ай бұрын
සීත නේපාලේ උස කඳු පුදුම තරම් ලස්සනයි තමයි... ඒත් හැමදාටම නතර වෙන්න හිත බෑ කියනවා හිම එක්ක..ඒක මං අත්දැකීමෙන්ම දන්නේ හිමේ ඉද්දී හිම ඕනේ නෑ කියලා හිතෙනවා.සීතල වැඩිකම නිසාම.ඒත් මේ කොළපාට ගේන ලස්සන ඒ දැනෙන සිසිල සැනසීම අහසේ නිල සුදුම සුදු වලාකුළු මං හිතන්නේ ඒ තමයි මනුස්සයෙකුට නිවෙන්නම පුලුවන් තැන... 💚🌻
@Travel_with_viraj
@Travel_with_viraj Ай бұрын
මේ ලස්සන කොළ පාට කිසිම රටක නෑ මේ පාරාදීසයේ හැර..මේ තමයි ශ්‍රී ලංකාව 🇱🇰 🍃
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Ай бұрын
ඇත්තම කියනවා නමි දිනේෂ් ලස්සන කොළපාට එක්ක ඉද්දි 💚🌿
@dulanjanakelum6848
@dulanjanakelum6848 Ай бұрын
තත්පරයක්වත් skip නොකර බලන්නේ දිනේශ් අයියගේ video විතරයි 🤍
@kasunindika9305
@kasunindika9305 Ай бұрын
සහන්ගේ photography නම් පට්ට creative....ඌ වැඩ්ඩා...
@manjubinduhewa1177
@manjubinduhewa1177 20 күн бұрын
අනිවා ඌ වැඩි සද්ද නැති වැඩ්ඩෙක්. කොල්ලනේ උඹලා දෙන්නාට බොහොම පිං මවුරටට ආදරය කරන්න හේතු ගෙනෙනවට
@bananabunk9913
@bananabunk9913 Ай бұрын
අයුබොවන් මම තරිදු මම අවේ මගේ ආසම traveler ව බලන්න❤✊
@amilamadushanka242
@amilamadushanka242 29 күн бұрын
Lokuda 😮😮
@SH-cy6lh
@SH-cy6lh 29 күн бұрын
බැලුව නම් පලයන් එහෙනම්
@user-mz3cl3im3g
@user-mz3cl3im3g 29 күн бұрын
අඩෝ අඩෝ 😂​@@SH-cy6lh
@isharasandeepa4414
@isharasandeepa4414 Ай бұрын
රටවල් වල Vlog වලට වඩා ඒ කොළ පාටට මම ආදරෙයි💚
@crazywiky6785
@crazywiky6785 Ай бұрын
Drone shots ටික පිස්සුවක්
@maduka_s
@maduka_s Ай бұрын
නීල හරිත පැහැ නොදකින දෑස් මක්කටද මේ තරම් සුන්දර රටේ💚
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
ලංකාව වටේ ලෝකේ වටේ නොමිලේම අපිව අරන් යන ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් මල්ලි ❤
@HemachandraBandar-nf2pf
@HemachandraBandar-nf2pf Ай бұрын
හිත නිවන රෑප රචනයක් , එවරස්ට් videos ටික ගැන නම් කියන්න වචන නෑ ,හරියට අපි ගියා වගේ හැගිමක් දැනුනේ ,ඔබට දළදා සමිදු පිහිටයි!!!
@ushanimalsha6773
@ushanimalsha6773 14 күн бұрын
සොබා දහමට මෙච්චර ආදරේ මනුස්සයෙක් දැක්කමයි❤
@dineshnalaka7431
@dineshnalaka7431 Ай бұрын
මේ වගේ සුන්දරම සුන්දර පාරාදීසයක් වෙන කොහින්ද 🍃🍃🍃🍃🍃🍃🍃 මගේ හෙළය 💚💚💚💚💚
@gamingchabi7898
@gamingchabi7898 Ай бұрын
THE BEST TRAVEL VLOGER IN SRI LANKA "DAP" 🍃❤
@hirunimaleesha1680
@hirunimaleesha1680 28 күн бұрын
ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන හිටියේ.. මේ ලස්සන පරිසරය විඩියෝ එකෙන් දැක්කා උනත් ප්‍රශන හැමදේම අමතක වෙලා හිත නිවෙනවා.. ස්භාවදහම හරි අපුරු නිර්මාණයක් ❤
@nilanasenitha9415
@nilanasenitha9415 Ай бұрын
#Mansaranna #Solohiker මේ දෙන්නත් එක්ක vlog ekk one ayye ❤
@yuang962
@yuang962 Ай бұрын
"ලෝකේ ලස්සනම රට" ඇත්ත...♥️ අයියා හැමදේටම පණ පොවලා කතා කරන කොට මරු. බයික් එකට පවා 🖤 තව අයියා අර අලුත් මෙව්වා එක ඇඳන් ඉන්න කොට මට රොබින් හුඩ් මතක් උනා.. දුන්නයි ඊතලයි තිබ්බනම් ශෝක්😌
@dilanwijerathna2041
@dilanwijerathna2041 Ай бұрын
ඔයාගේ videos වගේම ඔයා කතාකරන විදියත් ඇත්තටම ලස්සනයි
@oshadichamodya8150
@oshadichamodya8150 22 күн бұрын
දිනේෂ් මාමේ කියන්න වචන නෑ මාරම ලස්සනයි ඒ ස්වාභාදහම් මාතාව 🍃🍃🍃🍃❤❤දිනේෂ් මාමා පරිසරය විදින විදින විදිහට ආස හිතෙනවා ❤❤ තෙරුවන් සරණයි දිනේෂ් මාමාට ❤❤❤
@ishii3532
@ishii3532 28 күн бұрын
ලස්සනයි ❤💚😍
@lifewithnipu
@lifewithnipu Ай бұрын
ඇත්ත අයියේ ලෝකෙන්ම වටිනම රට ලස්සනම රට සොදුරු මිනිසුන් ඉන්න රට ලංකාව විතරයි.... 🌱💚
@rupanisuchithra6630
@rupanisuchithra6630 Ай бұрын
ඉතිං බලාසිටියෙමි දැස් ඇදහීමට නොහැකි රූප රචනාවක් නැරඹීමට... පුංචි යෝජනාවක් පුලුවන්නම් Richmond castle කළුතර සම්බන්ධයෙන් රූප රචනාවක් කරන්න. ස්තුතියි ඔබට
@bananabunk9913
@bananabunk9913 Ай бұрын
හොදම දසුන විදින්න හම්බේන්නේ හොදම traveler ට දිනේශ් අයියා ❤ එ ඔයා❤
@traveleranjana
@traveleranjana 28 күн бұрын
මාරම ලස්සන පරිසරයක් 🌿 ජිවිතේ විදින්න මහා ගොඩක් සල්ලි ඕන නෑ . හරිම පොඩි නිවාඩුවකින් මේ වගේ ගමනක් ගිහිල්ලා ඒ පරිසරය දැකලා විදලා එනවා කියන්නෙම මටනම් මාරම නිදහසක් . මුදල් මත මිනිස්සු දුව දුව විදෝන අතරේ මේ පරිසරය පොඩිම පොඩි වෙලාවක් විදලා බැලුවොත් නිසැකෙන්ම මිනිස්සූ විදිවි ජිවිතේ . මැරිලා වැඩක් නෑ ලංකාවේ ඉපදිලා මේ ලස්සන නොදැක් 🌿🇱🇰
@user-xo9pm8pu2j
@user-xo9pm8pu2j Ай бұрын
මිනිසුන්ගේ හුස්මක් වත් නොවැටෙන පරිසරයක සොභා දහම නිසංසලේ ජීවත් වෙන අපූරුව ඔයා ලස්සනට රූපරචනාවට නගල තියනවා. හරිම ලස්සනයි හැම දේම. ගමනේ දුශකර බව සොභා දහමට ආශීර්වාදයක් වෙනවා. ඔය තැන් ඔය විදිහටම රැකිල තියෙන්න. මට නම් එතනට ගියා හා සමානවම දිනේශ් ඔයා ගොඩක් මහන්සි වෙලා මේ රූප රචනාව හරිම අපූරුවට කරල තියෙනවා.
@ruwanchamika660
@ruwanchamika660 Ай бұрын
මචෝ පුලුවන්නම් රිටිගල full video එකක් දාන්නකෝ😔
@user-om6tt9qx3o
@user-om6tt9qx3o 3 күн бұрын
මගෙ අහින්ංසක ඉල්ලීමක් ආයෙත් ලගේ ගල යමු
@namalrathnayaka1653
@namalrathnayaka1653 Ай бұрын
කොලපාට යායට මේතරමි සුන්දර ඉසවි ලෝව කොහේවත් දැක නොමැත.අපේ ආදරණිය රට ශ්‍රී ලංකාවේ තරමි.Thaks DAP❤❤.
@KasunUshi
@KasunUshi 25 күн бұрын
හදවතේ සන්චාරකයා❤
@asankaperera9682
@asankaperera9682 Ай бұрын
මේ මගේ මව් බිම 🇱🇰 Aderei 😘🧔❤️DAP
@sarojakusum3973
@sarojakusum3973 22 күн бұрын
ලස්සනයි කියන්න වචන නැ සුපිරි ❤❤❤❤❤❤❤❤
@psadhu2038
@psadhu2038 20 күн бұрын
හිත නිවෙන ..සැනසෙන පරිසරය..❤❤❤❤❤❤❤.
@pasidukanchana8084
@pasidukanchana8084 25 күн бұрын
Wow
@rashangaddakshitha
@rashangaddakshitha 28 күн бұрын
බලන්න බලන්න ආස හිතෙන්වා😍
@thiliniliyanage4089
@thiliniliyanage4089 Ай бұрын
නිල්, කොළ, සුදු ඒකනම් පිස්සුවක් ❤❤ රොබින්හුඩ් ❤❤ ඔයවගේ තැන්වලට තනියම යන්න එපා... දිනේෂ් චෙෆ් උයනකම් බලන් හිටිය අපි වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක් 😂 පරිස්සමෙන් සංචාරය කරන්න ❤❤ ලොකූ නැතුවත් අවුල් වගේ
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m Ай бұрын
වෙහෙස නොබලා ඔබ යනගමනට සිය ලු දෙවි රැකවරණ ලැබේවා.
@kasunkalhara2728
@kasunkalhara2728 Ай бұрын
හිත නිවෙන දසුන් පෙන්වන , හිත නිවෙන්න දොඩමලු වෙන ඒ සොදුරු මිනිසා❤❤ මේ රූප රචනාව ගොඩක් ලස්සනයි අයියේ...❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
ආයුබෝවන් 🙏 දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ බලන්නම් 👀 මේ සොදුරු රූපරචනාව ❤️ හැමදාමත් මේ සුන්දරත්වය පිරුනු සුන්දරත්වයෙන් පරිපූර්ණ මේ සිසිලස විදින ඔබේ ඇසින් අප දැකබලා ඒ සුන්දරත්වය විදගන්නම් ස්භාදහමේ මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏☘️🌱💐🌻☘️🌱
@harshanuwan1679
@harshanuwan1679 Ай бұрын
අම්මෝ ඒක නම්. වෙනම ලෝකයක් ❤❤❤❤❤❤❤❤❤
@dinukakarandeniya6682
@dinukakarandeniya6682 29 күн бұрын
හදවතේ සංචාරකයා..❤🍃 හදවතට දැනුන තවත් එක රූප රචනාවක්. එ කොල පාට පරිසරයට පුදුම තරම් ආදරෙයි.🌿💚
@dush_95
@dush_95 Ай бұрын
සුපිරි ❤😋
@AshiniMaduwanthi-kf1ep
@AshiniMaduwanthi-kf1ep 28 күн бұрын
දවසින් දවස ඔයාගේ ඇස් වලින් මගේ රටේ ලස්සන දකින්න හැමදවසක්ම විඩියො එකක් බලන්න හුරු වෙලා... මෙක මං විදින්න දකින්න පුරුදු උන ඇබ්බැහියක්...🌿😌
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 Ай бұрын
Miss you ලොක්කා ♥️ එයත් හිටියා නම් මරූ ♥️🌻
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 25 күн бұрын
Sundarathwaya pennanawata obata pin Dinesh❤
@arunabasnayake4352
@arunabasnayake4352 25 күн бұрын
වචන ටිකත් එක්ක ගහකොල ටික රහටම අපේ හදවතට දැනෙනවා.. ❤️ මේවා දකිනකොට හදවතට දැනෙන දේ අපිට පැහැදිලි කරවන්න මාර ගේමක් දෙනවා කියලා තේරෙනවා. ජයවේවා🎉🎉🎉
@almedaofficial920
@almedaofficial920 24 күн бұрын
🌿🥰🇱🇰DAP සොදුරු සංචාරක ගමනාන්ත skip නොකර ම බලන්න තරම් මේ රූප රචනාවේ ම මම විවේකීව නතරවුණා. සුන්දරයි බොහෝම ඹබට ඡය මගෙ මිත්‍ර්‍යයා 🇱🇰🙏🏼❤️
@giwanthasandaruwan3931
@giwanthasandaruwan3931 18 күн бұрын
ලස්සනයි අයියේ 🌿🌙
@prabathsudarshana1068
@prabathsudarshana1068 Ай бұрын
මොන තරම් සුන්දරද අපෙ ශ්‍රි ලංකාව .✌️✌️👌👌👌👍👍👍
@AathifAhamed456
@AathifAhamed456 Ай бұрын
After long days 💚💚💚💚
@lasidukavida7017
@lasidukavida7017 Ай бұрын
හදවතේ සංචරකය ❤ හුදකල වු කදු අතර ඔබ පියවර මනින විට ඒ සුන්දර දසුන් විදින්න පින් ද ඇත මට ..ඔබට ජය ❤❤❤❤
@vilokanadayananda8026
@vilokanadayananda8026 Ай бұрын
බුදු සරණයි අයියේ...💗🌻
@yamankohehari
@yamankohehari Ай бұрын
මේ....ලස්සන ලෝකෙ වෙන රටක නෑ....❤❤ 💯💯
@bananabunk9913
@bananabunk9913 Ай бұрын
අපි අවෝ අයියේ ඔයා එනකම් මේ විඩියෝ පිස්සා බලන් ඉන්නේ ගැම්මක් අයියහ් අදරෙයි❤
@Naturalvideograpy
@Naturalvideograpy Ай бұрын
හදවතේ සංචාරකයා 💗
@SonerMasterLK
@SonerMasterLK 25 күн бұрын
wow
@ishialo18
@ishialo18 7 күн бұрын
හරිත ලෝකයක් 💚🌱🍃
@NiluThilakarathne19
@NiluThilakarathne19 11 күн бұрын
සොබා දහමටම ගැලපෙන ළයාන්විත හඬ පියවි ඇසෙන් නැතත් ඒ දසුන් ඒ හැඟීම් හරි අපූරුවට දැනෙනවා.සුභ පැතුම් දිනේශ් 💐මේ සිරිලකේ සොඳුරු ඉසව් සොයා යන්නට ඔබටත් ඔබගේ ගමන් සගයන්ටත් හැකිවේවා❤❤❤ තෙරුවන් සරණයි!
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 Ай бұрын
කාලෙකින් කොලපාට 💚💚💚 හරිම ලස්සනයි ( DAP අද නම් හරියට ගෝත්‍රික නායකයෙක් වගේ😊)
@amilakasun7058
@amilakasun7058 28 күн бұрын
Super vlog.💯🤙👍👏❤️
@sithumsayuranga1786
@sithumsayuranga1786 Ай бұрын
නියමයි දිනේශ් අයියෙ.එදත් අදත් හදවතේ සංචාරකය❤️
@BuddaDaasa
@BuddaDaasa Ай бұрын
❤පටිට ලස්සනයි🌟❤
@dineshruwantha2258
@dineshruwantha2258 Ай бұрын
❤❤❤❤
@jeewanasarisara
@jeewanasarisara Ай бұрын
හරිම සන්සුන් හැගීමක් ගේන ලස්සන රූප රචනාවක් 🍃🖤
@oshadipathirage5010
@oshadipathirage5010 28 күн бұрын
Beautiful 🌿💫
@sadunmaliboda9050
@sadunmaliboda9050 Ай бұрын
දැන් පාන්දර 3:24 දැන් වැඩ ඉවර වෙලා ආවෙ අඉයගේ වීඩියෝ එක බලල තමා නිදාගන්නෙ දිනේෂ් අඉය කියන්නෙ හිතට දැනුන පොරක්❤❤
@Sandini13
@Sandini13 29 күн бұрын
❤❤
@KavinduDissanayake-py7xi
@KavinduDissanayake-py7xi Ай бұрын
මාතලෙ ගැන කියනකොට මාර සතුටක් ආවෙ..මොකද මාත් මාතලේ😻☘️
@NKRproductionssl6462
@NKRproductionssl6462 Ай бұрын
හදවතේ සංචාරකයා දීනේශ් අයියා ❤❤
@user-lp3tw4xb4v
@user-lp3tw4xb4v Ай бұрын
හරි ම ලස්සන ය් putha 🙏🙏🙏
@vinduindiwari1106
@vinduindiwari1106 Ай бұрын
හරිම ලස්සනයි වෙනදා වගේම... ❤❤❤
@ErazLkA
@ErazLkA Ай бұрын
Thumbnail දැක්කත් හිත පිරෙන චැනල් එක
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
දිනේෂ් අයියේ ඔයා ඉර පායනවා ඒ දිහා බලන් ඉන්නවා ඔයා හැමදාම උදෑසන හිරුට වැදලා මෝර පිරිත කියන්න. ජීවිතයට ඉතාමත් ආරක්ෂාව ලැබෙනා ගාථාවක් පුලුවනිනම් එය ඉතා යහපත් 🙏 මට නම් මාරම සතුටුයි ඒ ඉර පායන දිහා බලන් උතුම් මෝර පිරිත කියන්න. සැමට යහපතක් ජීවිතයට ආරක්ෂාව ලැබ දෙනවා🙏
@sampathsamarasinha3479
@sampathsamarasinha3479 Ай бұрын
❤ නියමයි අයියේ
@thushankavinda116
@thushankavinda116 Ай бұрын
Wow ටයිප් මිනිස්සු 💚🌏😌
@Nirwandewmin2012
@Nirwandewmin2012 28 күн бұрын
ලස්සනයි මාමේ
@Sanjeewa_Off-Grid
@Sanjeewa_Off-Grid 22 күн бұрын
You are doing very well on the channel 😍. I like your content🤟. Let's keep it up.💚 I will comment when you post a video.💪
@user-lr3zn5ym8w
@user-lr3zn5ym8w Ай бұрын
ලොක්ක නzතුව ගියහම හිතට බයක් දzනෙනව අzති.loku is real hero
@PrabodhaThennakoon-jk7kt
@PrabodhaThennakoon-jk7kt Ай бұрын
mother nature's gift. that is Sri Lanka
@user-jl1cx4im2j
@user-jl1cx4im2j Ай бұрын
ඇත්තටම ඇස් අදහාගන්න බැරි තරම් ලස්සනයි .මනසට හරි නිදහසක් දැනෙනවා මේ රූප රචනාව බලද්දී .කියන්නම ඕනෙ දිනේෂ් අද රොබින් හුඩ් වගේ.ඒ සීත කබාය ඔබටම හැදුවා වගේ.මා දැකපු සොදුරුම මිනිසා ඔබ.ඉතින් පරිස්සමට ඉන්න .💖💖
@bindugimhan3364
@bindugimhan3364 Ай бұрын
Shaa නියමයි ❤
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f Ай бұрын
ලංකාවේ රූප රචනාවක් ගොඩාක් කාලෙකින් බැලුවේ .... හරිම ලස්සනයි ජය වේවා 🙏🙏🙏 ❤️💙💚🌿🌿⛰️🌿
@Sasanka-tv4qs
@Sasanka-tv4qs 24 күн бұрын
Oyage kathawa maru appa . Lassanai
@ashajayawickrama2506
@ashajayawickrama2506 Ай бұрын
මුල්ම රූප රචනාවල කිසිදු කතාවක් නොකළ ඔබ දැන් ඉතා යසට බස හැසිරවීම ඔබේ රූප රචනා බැලීමට එක හේතුවක් ❤. සංචාර ගැන බොහෝ වීඩියෝ තිබුනත් ඔබට තියෙන සුවිශේෂී හැකියාවන් DAP රූප රචනාවලට ඇත්තටම ඇබ්බැහි කීරීමට හේතුවක්. ඉතින් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ සිදු කරන කැප කිරීම් වලට ❤💐
@kavindukulathunga2406
@kavindukulathunga2406 Ай бұрын
WoW ආසම travelling location එකක් ❤❤❤❤
@shashamalavi5663
@shashamalavi5663 3 күн бұрын
Wow ❤️❤️❤️
@yelakamahesh9670
@yelakamahesh9670 Ай бұрын
lassanama vlog ekak aiye. Good luck.
@senarathnimshi
@senarathnimshi Ай бұрын
Woooow aiya ♥️✨
@akalankaranasinghe4866
@akalankaranasinghe4866 Ай бұрын
Hadawathata danenna katha krna soduru minisek ❤ e thanata apith giya wage hagimak denna hamotama ba jaya wewa
@dhanudissanayake1213
@dhanudissanayake1213 Ай бұрын
හදවතේ සංචාරකයා ❤😚🍃
@samithgamage1237
@samithgamage1237 Ай бұрын
බයික් එකේ ගමන මරු.......👍👌✌️
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 Ай бұрын
Woow nice video dinesh
@DumeshikaDumeshi
@DumeshikaDumeshi Ай бұрын
❤🍀🍀💐
@shakthimanamperi115
@shakthimanamperi115 Ай бұрын
Adhath Supiriyak!
@DinukaSandaruwan-kp5qw
@DinukaSandaruwan-kp5qw Ай бұрын
පුදුම ලස්සනක්..ගොඩක් පිං මේවා දකින්න සලස්සනවට අයියේ..❤
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Ай бұрын
Aiya Bike 1ka travel karana ekath wenam feel 1k............travel king 👑දිනේෂ් 💚👍
@shana1462
@shana1462 Ай бұрын
පරිස්සමෙන් කට්ටිය සද්ධන්තයකුත් කරක් ගහනවා ඔය පැත්තේ . අපිට මුණගැහුන එයා .කිසි කරදරයක් නෑ එයාගේ ❤❤
@somalathamadurawela9725
@somalathamadurawela9725 Ай бұрын
කෙදිනකහෝ අප සැමහට දක්නට නොලැබෙන සොඳුරු ඉසවූ නිවසට ගෙනෙන ඔබ සැමට තෙරුවන් සරණයි.
@moneylove4878
@moneylove4878 23 күн бұрын
හැම අතින්ම මාරම කොලිටියි වීඩියෝ එක❤
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 Ай бұрын
Tharuwan saranani parisdamatha inna 🙏
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 1,3 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 78 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
0:25
Watch Me
Рет қаралды 13 МЛН
Что произошло в ресторане!
0:16
Victoria Portfolio
Рет қаралды 8 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 4,4 МЛН
Когда все обошлось 😮‍💨 | Королева Двора
0:16
Аминка Витаминка
Рет қаралды 3 МЛН
The end for King Kong's bully #funny
1:00
Sơn Hero
Рет қаралды 9 МЛН