Upper Diyaluma Solo Camping In Rain Storm - Relaxing In the Tent - ASMR - On top of Waterfall

  Рет қаралды 85,450

Solo Hiker

Solo Hiker

Жыл бұрын

#solocamping #diyaluma #waterfall #solohiker
හුදෙකලාවක ඇති නිදහස සුවය රිසි සේ විඳගැනීමට හැකිවූ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල මුදුනේ තනිව ගත කර කඳවුරු රාත්‍රිය ⛺🏞️🌧️
ඉර අවරට බැස යෑමට හෝරාවකට පමණ කලියෙන් සුන්දර දියලුම මුදුන සොයා ගමන් ඇරඹීමට ගමන පටන් ගත් මා කෙමෙන් කෙමෙන් තරමක් එළිමහන් මාර්ගයකින් ඇතුල් වී පාර සොයාගෙන දියලුම වෙත ලඟා වෙත්ම සවස 5 ට පමණ විය,
මිනිසුන්ගෙන් කලාතුරකින් හුදෙකලා වන දියලුම මුදුන මාව පිළිගැනීමට මෙන් හුදෙකලාවෙන් රැකී තිබීමම මට සතුටට කරුණක් විය, මා සෙවූ නිදහස අද මේ දිය මනාලි මත වීම එයට හේතුවක් විය,
සැන්දෑ යාමයේ කුරුල්ලන්ගේ කලබලකාරී හඬත් සමඟ හිරු අවරට යන්නට පෙර හනිකට කඳවුරු බිම සකස් කර මා වනයේ දැවැන්තයාගෙන් ආරක්ෂා වීමට ගිණිමැළයක්ද සකසා සීතල දියෙන් පැන් පහසු වී තරමක් විවේකීව සිටි අතර රාත්‍රී වත්ම රාත්‍රී ආහාර පිළියෙල කරනවාත් සමඟම වටින් පිටින් රැයට ක්‍රියාත්මක වන සතුන්ගේ හඬ එකින් එක මතුවත්ම, ඒ නාදයට දොළ පහරේ නාදය එකතු වී මා සිටින්නේ දෙව්ලොවක බව මට දැනෙන්නට විය .
කෙසේ විස්තර කරන්නද රාත්‍රී අහස දෙස කූඩාරම් බිමෙන් එළියට විත් මා විඳි නිදහස, නිදහසේ පහලට කඩා හැළෙන සුන්දර දිය කොමළියගේ පහසින් ගත මෙන්ම සිතද සීතල වන්නට විය, වටින් පිටින් ඇසෙන සතෙකුගේ හඬක් වන්නට මේ දියලුම මුදුනටම අද මා පමණි,
රාත්‍රිය එසේ අවසන් වත්ම උදෑසන තවත් සුන්දර වූයේ මහ වැස්සක හඬත් සමඟ මා අවදි වූ නිසාය, බලාපොරොත්තු නොවූ මහ වැස්සක් මා පිළිගැනීමට මෙන් දියලුම මුදුනට කඩාවැටුණු අතර මෙය මා බලාපොරොත්තුවෙන්ම සිටි මොහොතකි,
දිය බිඳු කූඩාරටම වැටෙත්ම ඇසෙන නාදයෙන් ඇඟම කිළිපොලා යන අතර එය මාගේ ප්‍රියතම නාදයකි, මහ වැස්සේම වට පිටේ සුන්දරත්වය විඳ ගත් මා උදෑසන ආහාරට සැකැසීමට සූදානම් වූ අතර ඉතිරි වී තිබුනේ බිත්තරයක් පමණි , සමපෝෂ තිබූ අතර සීනී ගෙන ඒමට අමතකව තිබුනි 🥲 .
තියෙන දේ පුළුවන් විදියට සකසා කිරි තේකක් සමඟින් සප්පායම් වූ මා වැස්ස පහව ගොස් මොහොතකට පසු විපරම් කළ විට දක්නට ලැබුනේ මහා හස්තිරාජයෙකු උදෑසන ආහාරය ගනිමින් සිටින දසුනක් ය,
සුන්දර දියලුම මගැර මාගේ මීලඟ ගමනාන්තය සඳහා මා යා යුතු අතර මාගේ සිත මෙහි නතර වී ඇත, සිත මෙහි තබා ගෙන ආ සියල්ල සමඟ මා නැවත ගමන් ඇරඹූ අතර ඒ මොහොතේම නැවතත් මහ වැස්සක් කඩාහැලුනි,
හුදෙකලා කඳවුරු රාත්‍රියක හොඳම රාත්‍රිය මෙය වන්නට තවත් සැක නොමැත, කීමට බොහෝ දේ ඇත සියල්ල පැවසීමට නොහැකිය තවත් දිනෙක සොඳුරු ඉසව්වකින් ඔබව හමුවෙනකන් සියළුම දෙනාට ජය මම Solo Hiker 🙏❤🍃

Пікірлер: 621
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හුදෙකලාවක ඇති නිදහස සුවය රිසි සේ විඳගැනීමට හැකිවූ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල මුදුනේ තනිව ගත කර කඳවුරු රාත්‍රිය ඉර අවරට බැස යෑමට හෝරාවකට පමණ කලියෙන් සුන්දර දියලුම මුදුන සොයා ගමන් ඇරඹීමට ගමන පටන් ගත් මා කෙමෙන් කෙමෙන් තරමක් එළිමහන් මාර්ගයකින් ඇතුල් වී පාර සොයාගෙන දියලුම වෙත ලඟා වෙත්ම සවස 5 ට පමණ විය, මිනිසුන්ගෙන් කලාතුරකින් හුදෙකලා වන දියලුම මුදුන මාව පිළිගැනීමට මෙන් හුදෙකලාවෙන් රැකී තිබීමම මට සතුටට කරුණක් විය, මා සෙවූ නිදහස අද මේ දිය මනාලි මත වීම එයට හේතුවක් විය, සැන්දෑ යාමයේ කුරුල්ලන්ගේ කලබලකාරී හඬත් සමඟ හිරු අවරට යන්නට පෙර හනිකට කඳවුරු බිම සකස් කර මා වනයේ දැවැන්තයාගෙන් ආරක්ෂා වීමට ගිණිමැළයක්ද සකසා සීතල දියෙන් පැන් පහසු වී තරමක් විවේකීව සිටි අතර රාත්‍රී වත්ම රාත්‍රී ආහාර පිළියෙල කරගත්ම වටින් රැයට ක්‍රියාත්මක වන සතුන්ගේ හඬ එකින් එක මතුවත්ම, ඒ නාදයට දොළ පහරේ නාදය එකතු වී මා සිටින්නේ දෙව්ලොවක බව මට දැනෙන්නට විය කෙසේ විස්තර කරන්නද මේ නිදහස රාත්‍රී අහස දෙස කූඩාරම් බිමෙන් එළියට විත් මා විඳි නිදහස, නිදහසේ පහලට කඩා හැළෙන සුන්දර දිය කොමළියගේ පහසින් ගත මෙන්ම සිතද සීතල වන්නට විය, වටින් පිටින් ඇසෙන සතෙකුගේ හඬක් වන්නට මේ දියලුම මුදුනටම අද මා පමණි, රාත්‍රිය එසේ අවසන් වත්ම උදෑසන තවත් සුන්දර වූයේ මහ වැස්සක හඬත් සමඟ මා අවදි වූ නිසාය, බලාපොරොත්තු නොවූ මහ වැස්සක් මා පිළිගැනීමට මෙන් දියලුම මුදුනට කඩාවැටුණු අතර මෙය මා බලාපොරොත්තුවෙන්ම සිටි මොහොතකි, දිය බිඳු කූඩාරටම වැටෙත්ම ඇසෙන නාදයෙන් ඇඟම කිළිපොලා යන අතර එය මාගේ ප්‍රියතම නාදයකි, මහ වැස්සේම වට පිටේ සුන්දරත්වය විඳ ගත් මා උදෑසන ආහාරට සැකැසීමට සූදානම් වූ අතර ඉතිරි වී තිබුනේ බිත්තරයක් පමණි , සමපෝෂ තිබූ අතර සීනී ගෙන ඒමට අමතකව තිබුනි 🥲 . තියෙන දේ පුළුවන් විදියට සකසා කිරි තේකක් සමඟින් සප්පායම් වූ මා වැස්ස පහව ගොස් මොහොතකට පසු විපරම් කළ විට දක්නට ලැබුනේ මහා හස්තිරාජයෙකු උදෑසන ආහාරය ගනිමින් සිටින දසුනක් ය, සුන්දර දියලුම මගැර මාගේ මීලඟ ගමනාන්තය සඳහා මා යා යුතු අතර මාගේ සිත මෙහි නතර වී ඇත, සිත මෙහි තබා ගෙන ආ සියල්ල සමඟ මා නැවත ගමන් ඇරඹූ අතර ඒ මොහොතේම නැවතත් මහ වැස්සක් කඩාහැලුනි, හුදෙකලා කඳවුරු රාත්‍රියක හොඳම රාත්‍රිය මෙය වන්නට තවත් සැක නොමැත, කීමට බොහෝ දේ ඇත සියල්ල පැවසීමට නොහැකිය තවත් දිනෙක සොඳුරු ඉසව්වකින් ඔබව හමුවෙනකන් සියළුම දෙනාට ජය මම Solo Hiker 🙏❤🍃
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
සුබ පැතුම් ඔබට 😍 පරිස්සමින් ඉන්න අයියේ ❤❤❤
@livesri9016
@livesri9016 Жыл бұрын
❤️❤️❤️👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@chanakalakshan3223 බොහොම ස්තූතියි මල්ලි
@BODITHA1974
@BODITHA1974 Жыл бұрын
ඔය ගෑස් කුකර් එක ගන්න තැනක් කියන්න පුලුවන්ද මල්ලි
@R1R1R511
@R1R1R511 Жыл бұрын
අයියා video එකට wagema oyage comments walatath pattama asai මම. Good luck.
@travelwithwife
@travelwithwife Жыл бұрын
අපේ පලවෙනි ව්ලොග් එක කරපු තැන. ආසාවෙන් හිටියෙ ආයෙත් දවසක යන්න. ආයෙත් ගියා වගේ ෆීල් උනා ඔයාගේ ව්ලොග් එකෙන්. Thanks Solo Hiker ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔයාලා දෙන්නටත් ගොඩක් ස්තූතියි අයියේ,අක්කේ ❤🙂🍃
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
අනේ පුතේ ඔයා මාව හරියට බයකලා සමහර තැන්වල. ඔයා දිපු ආදර්ශය ගොඩාක් වැදගත් ඔයාට තුන්රත්නයේම පිහිට ලැබෙනවා 🌹🙏🙏🙏🌹🇨🇦
@R1R1R511
@R1R1R511 Жыл бұрын
මමත් ගොඩක්ම හුදකළාවට ආදරෙයි. එයා ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු අපිට කියන්නේ වත් නැතිව විසදා දෙනව. ස්වභාදහම සමඟ ගොඩක් අවංකව සංවේදී බැඳීමක් තිබීම කියන්න බැරි තරම් තමාව අමුතුම ලස්සන හැඟීමක අතරමං කරනවා කියලා මම හිතනවා. තමාට තමා අවංක වීම ගොඩාක් වැදගත්. ඒක මාර නිදහස්. අයියා ඔයාටත් එහෙම ඇති කියලා හිතනවා.
@harshi7287
@harshi7287 Жыл бұрын
තියන තියන පය ගල් පර මත තදින් රැඳෙන්න.. සොබාදම් මෑණියනි.. ඔබට සෙනෙහැති ඔහුව නිරතුරුම රැක දෙන්න..!!💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🍃❤🏞️
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
දැන්නම් ඇබ්බැහිවෙලා ඉන්නෙ මේකට❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🙂🍃🌧️
@KesharaKavindaBandaranayake123
@KesharaKavindaBandaranayake123 Жыл бұрын
මම ගොඩක් camping videos බලනවා youtube එකේ..ඒ අතරින් මන් දැක්ක ලස්සනම සහ peaceful ම video එක..❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🍃🙂❤
@asankarathnayaka3395
@asankarathnayaka3395 Жыл бұрын
ඇස් දෙක ඉවතට නොගෙන එක දිගට සම වැදිලා විඳින්න පුලුවන් නියම සොබාදම් වීඩියෝවක්...!අනේක වාරයක් ස්තුතියි සහෝදරයා ..මවු බිමෙන් බොහෝ දුර සිටින අපිට ඔබේ මේ අමිල මෙහෙවර හදවතටම දැනෙනවා. මේ වීඩියෝවේ අවසානයට ඔබ පැවසූ ⁣දෑ සමග 100% ම මා එකඟයි. රටක දියුණුව මොනවට පිළිබිඹු වන කරුණක් තමයි කොතෙක් දුරට ඔවුන් ස්වකීය සොබාදහමට ආදරය කරනවාද, සුරකිනවාද යන කාරණය. ඉතින් යන එන සෑම තැනකදීම සොබාදහම ඔබව සුරකීවි. ජයම වේවා..! තෙරුවන් සරණයි ..!!
@gihansage
@gihansage Жыл бұрын
මල්ලි ලස්සන shots ගන්න ගොඩක් dangerous තැන් වලට යන්න එපා. අම්ම ගෙදර උබ එනකල් බලන් ඉන්නව කියලත් ඔලුවෙ තියා ගනින්. ❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
රටක් වටිනා පුතෙක් නුඹ මම බැලුව ලස්සන ම උඩ දියලුම වීඩියෝ ව ඊටත් වඩා දී පු උපදෙස් ඇත්ත ටම සොබාදහමේ ආශිර්වාද ලැබේ වා! එතැන් විනාශ කරන එවුන් ට නම් දඬුවම ලැබේ නව. ජයවේවා! තෙරුවන් සරණයි!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමා කොහෙද කවුද හැමදාම වගේ මාත් එක්ක ඉන්නවා විස්තර ටිකක් කියන්න 🙂
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
හදවතේ සොදුරු ගවේෂකයා ❤ අන්තිමට දීපු පණිවඩේ ඇත්තටම වටිනව මෙච්චර ලස්සන අපෙ රට ❤❤ අදත් සොදුරු ගමනාන්තයක් ලස්සනයි ආසාවෙන් බැලුව 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🌧️🍃❤
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
ලොකු අවදානමක් අරගන අපට මේ ලස්සන බලන්න දුන්නාට බොහොම ස්තුතියි !
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔයාටත් බොහොම ස්තූතියි 🍃❤🙂
@kawshalyalakaa7138
@kawshalyalakaa7138 Жыл бұрын
බලන්න තියන දේ උපරිමයෙන් මහන්සිවෙලා අපිට පෙන්වනවට ඔයාට ගොඩක් පිං.දිය ඇල්ලේ පහල පෙන්වන්කොට මම එතන ඉන්නවා වගේ ඇඟ හිරිවැටිලා යනවා පොඩි බයක් එක්කම.මේ වගේ ලස්සන දේවල් තවත් බලන්න යන්න සහ අපිටත් පෙන්නන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි බුදුසරණයි 🍃🙂❤
@harshahettiarachchi7796
@harshahettiarachchi7796 Жыл бұрын
රටෙන් පිට හිටියත් ඇත්තටම මමත් ඔය ගමන ගියා වගේ දැනුනා. ජීවිතේ විදින්නම ඕන තනියම ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃🌧️🙂
@chalanasupun1727
@chalanasupun1727 Жыл бұрын
හුදෙකලාව කියන්නේ භාවනාවක්. එක විදින්න ලැබීම වාසනාවක් .🍃
@isurikaushalya1656
@isurikaushalya1656 Жыл бұрын
What a wonderful EXPERIENCE!🥺 හැමෝම පරිසරය සුරකින්න සුරකින්න කියල වචනෙන් විතරක් කිව්වට...අනික් අය දාල ගියපු ඒවත් එක්කම අයින් කරල එතන clean කරල ආපු solo hiker ට respect ❤️‍🔥 Thank you for this mind relaxing experiene ❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
U r most welcome ❤🍃💚
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
27:17අර ගල අයිනේ ඉදගෙන ඉද්දි ගිය music එකේ නම දන්නවනම් කියන්ඩකෝ 🙏🙏🙏🙏🙏🙏
@isurikaushalya1656
@isurikaushalya1656 Жыл бұрын
@@Arrow-2002 sorry 🥺 අනේ මං දන්නෙ නෑනේ..
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
@@isurikaushalya1656 මාස දෙකකට පස්සේ නෙහ් reply එක😁😁. හරි හරි ඒක මට හම්බුනා
@isurikaushalya1656
@isurikaushalya1656 Жыл бұрын
@@Arrow-2002 notification එක අදයි දැක්කෙ.. 🙂
@user-dj8un6iy1y
@user-dj8un6iy1y 17 күн бұрын
මල්ලි ඔයා ඉදිරියට තියන හැම පා පියවරක් ගානෙම ඔයව ආරක්ශා වේවා.. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔයාට ලැබේවා.. බුදුසරනයි මල්ලි ඔයාට.❤❤❤
@Skivesk
@Skivesk Жыл бұрын
අනේ අයියේ අපිවත් එක්කන් ගියාට පින් ඔයාට.....මේක මෙහෙම දැකල අපිට මෙච්චර හිතට නිදහසක් දැනෙනවනම් ඔයාට කොහොම ඇතිද ....හරි පින් වන්තයි ඔයා.....✨🥺.....තව දෙයක් යන තැනක පරිස්සමින් යන්න....මොකද අපිට මේව ඇස් දෙකෙන් දැක්කා වගේ පෙන්නන ඔයාගෙ ජීවිතේ වටිනවා....ප්‍රාර්ථනා කරනවා කවදාවත් කිසිම කරදරයක් බාදාවක් වෙන්න එපා කියල ....🍃😊 මනස සුවපත් කරන නිසල වෙදැදුරෙක් ඔයා...❤️තව තවත් මිනිස්සුන්ගෙ හිත් සනසන්න හැකියාව ලැබෙන්න ඕනෙ 🌀🍃...ඒ වගේම ඔයා හැමෝටම හරි ආදර්ශයක් 🤗.....ඒ වගේම තනියම යන ගමන් හරි සුන්දරයි...✨🌸ඒ වගේම ඔය සුන්දර හිනාව හැමදාම තියාගන්න ලැබෙන්න ඕනේ....තව කෙනෙක්ගෙ මූනට හිනාවක් ගේන ඔයාට ඔයාගෙ හිනාව කවදාවත් නැති වෙන්න එපා.....✨😊ඒ වගේම ඔයා දන්නවා පරිසරයේ සුන්දර විදින්න වගේම ඒවා රැකගන්නත් ...ඒ දුන්න වටිනා උපදේශයටත් ගොඩාක් ස්තූතියි .....ඒ වගේම අපි දැනගන්න ඔනෙ අපිට හුස්ම දෙන පරිසරය අපි ආරක්ශා කරන්න .........දුන්න උපදේශය ගොඩාක් වටිනව....ගොඩාක් පින් පරිසරයත් ආරක්ශා කරගෙන තව කෙනෙක්ගෙ හිත සනසන්න මේ වගේ වීඩියෝ අපි ලගට අරන් එනවට ...ආසම මන් සරන්නා...හරියට travel කරනවනම් ඔයා වගේ හැමෝම වෙනවනම් හොද ආකල්ප තියෙන අය වෙනවනම් මේ රට කොච්චර ලස්සනද ....🥺 ....පරිස්සමින් අයියෙ තෙරුවන් සරනයි...අයියේ.... හැමදාම පරිස්සමින් ...✨🌸🌼🖤👣🍃🌀
@isurukumara3151
@isurukumara3151 Жыл бұрын
ජය වේවා . නියමයි වීඩීයෝ එක
@jristravelling
@jristravelling 2 сағат бұрын
You are a legend mate ! Kee up the good stuff !
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 4 ай бұрын
හිත නිවෙන ලස්සන තැනක්❤❤❤
@shamasandamali8651
@shamasandamali8651 Жыл бұрын
මාව වෙනම ලොකයකට ගිනිච්චා. අයියේ. මේ සුන්දර අත්දැකිමේ සුන්දරත්වය තවත් වැඩි එක කොටසක් වැස්ස. අපිත් එ අත් ඇකිමේ කොටස් කාරයෝ කරට පිං. බුදුසරණයි සොභාදහම් මාතාවගේ ආරක්ෂාවයි.❤️❤️❤️😍😍😍🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤💚🍃
@thilakshinethsarani5286
@thilakshinethsarani5286 Жыл бұрын
හරිම ලස්සනයි. නිදහස 💆💆💖
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
මහ වැස්සෙම මේක බලන එකෙත් ගතියක් තියෙනවා ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤🙂🌧️
@bjs1984
@bjs1984 Жыл бұрын
ඖ ඈ.. වැහි වය්බ් එකේ මේක බලනකොට පට්ට...
@ayodhyasenanayaka6015
@ayodhyasenanayaka6015 Жыл бұрын
හුදෙකලාව + සොබාදහම= මානසික සහනය 🍃💚
@a.b.perera8029
@a.b.perera8029 Жыл бұрын
💯
@kasunchathuranga9426
@kasunchathuranga9426 Жыл бұрын
Thank you brother මේ දෙවල් බෙදාගන්නවට😍..පරිස්සමෙන් හැමවෙලේම..
@iqbalsulaiman8604
@iqbalsulaiman8604 Жыл бұрын
I can't stop watching your adventures. You bring the sounds of nature and beauty of the mountains to life.wishing you all the best in your future trips
@ranjanigalappaththi6223
@ranjanigalappaththi6223 Жыл бұрын
බැලුවත් හිත නිදහස් වෙනවා 🥺🍃💚🌸
@rusirasashith3066
@rusirasashith3066 Жыл бұрын
ඇත්තටම video එකනම් පට්ට. ඒකට හිත නිවුනා.😍මටත් ආස හිතුනා video graphy නියමයි.😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🌧️🍃❤
@slmovieworld2646
@slmovieworld2646 Жыл бұрын
මල්ලි ඔයා වරදක් කරනවා......... 😁 සහො පුලුවන් නම් travel කරන පාරේ ඉදලම vlog එක කරන්න එතකොට ඒන අයට ඒක පහසුවක් වෙයි.. ඒ කියන්නේ ගෙදරින් පිට වෙන තැන ඉදලම... මෙක මගේ පෞද්ගලික ඉල්ලිමක්. කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.. තෙරුවන් සරණයි සහො උබට...
@dihanchathura068
@dihanchathura068 Жыл бұрын
අනිත් ඒවා වගේ ම මේකත් සුපිරියක් ජය ❤️
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Great content! Very rare scenery! Keep it up!
@daysinuk5284
@daysinuk5284 Жыл бұрын
හැමදාම වගේ ලංකාවේ සුන්දරත්වය මතක් වෙනවා ❤ නියමයි සහෝදරයා❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක්....බොහෝ විස්මිත දසුන් පිරිවරාගෙන දියඇල්ලත් සමඟම කඩාහැලෙන ඒ විචිත්‍රවත් චිත්‍රය මවාදීපු solo hiker, ඔබට නොවක් තුතිය....මෙවන් අති ශෝභමාන රටක ඉපදුණු අපි, අපේ ඇස්දෙක වගේ ඒ දායාදය සුරකිමු...ඔබගේ ඔවදන් හා වෙහෙසට ප්‍රණාමය ....🙏❤️🌵🐘🌄
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 💙🍃❤
@dinindutharana4027
@dinindutharana4027 Жыл бұрын
මනුශ්‍යයෙක් වශයෙන් විදිය හැකි උපරිම නිදහස ඇත්තේ ස්වභාව වාතාව තුලයි✨🍃💆🏻💕
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
අන්තිමට දුන්න පණිවිඩය නම් ගොඩක් වටිනවා......❤️❤️❤️
@sajithmadusanka5853
@sajithmadusanka5853 Жыл бұрын
මාරම ලස්සනයි ❤️🌿🌺 ජයවේවා😍
@rangikahansamali9965
@rangikahansamali9965 Жыл бұрын
ගොඩක් ලස්සනයි . අපිටත් මේ ලස්සන විදින්න දුන්නට ස්තූතියි.
@pc-zl8pp
@pc-zl8pp Жыл бұрын
තනියෙම camp එකක් ගහද්දි තමා නියම feeling එක ලැබෙන්නෙ 🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම 🍃🌧️❤🙂
@ireshakarunasekara
@ireshakarunasekara 7 ай бұрын
Godak lassanai video eka thank you
@saduniwijesinghe3134
@saduniwijesinghe3134 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි අයියේ. අයියගේ video බලද්දී මාරම සැහැල්ලුවක් දැනෙනවා වගේම ලොකු මානසික නිදහසක් ලැබෙනවා. 💙🍃🌿ඇත්තටම එතනට ගියා වගේ felling එකක් දැනෙන්නේ හැමදේම පරිස්සමින් කරන්න අයියේ බුදු සරණයි 💙🍃❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි 🍃❤🌧️
@janithprimal7293
@janithprimal7293 Жыл бұрын
ලස්සන ගමනාන්තයක්.මහන්සි වෙලා අපිට අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩක් ස්තුතිය.🙏🙏🙏. අන්තිමට දුන්න පනිවිඩය ගොඩක් වටිනවා.👍👍👍
@ruvindushihara2142
@ruvindushihara2142 Жыл бұрын
කිසිම අඩුපාඩුවක් නෑ අය්යෙ ,ඔය වැඩේ දිගටම කරන් යන්න බුදුසරණයි ❤️❤️❤️
@naduninawodya5028
@naduninawodya5028 Жыл бұрын
Skip නොකර බලන් ඉන්න ආස vedio එකක්...💙❤️🍃
@pigeonlovers6038
@pigeonlovers6038 Жыл бұрын
වැටෙයි කියලා හිතුනු වාර නම් බොහොමයි🌿
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 Жыл бұрын
පු තා දේ මව් පි යෝ ගැනඅත් හි තා අන් න පු තා
@pigeonlovers6038
@pigeonlovers6038 Жыл бұрын
@@prlindraniprlindrani2090 ඔව් නේද නැන්දේ..😐
@kumarudayakanth3521
@kumarudayakanth3521 Жыл бұрын
හරිම අපූරුයි මිත්‍රයා.ඒ හැගීම විස්තර කරන්න වචන පොහොසත් මදි. මිනිස්සු කියන්නෙ සොබාදහමේ එක කොටසක් පමණයි.ඉතිං වගකීම් විරහිත ලෙස හැසිරීමේ ආදීනවයන් ඔවුන් විසින්ම විඳ දරාගත යුතු වෙනවා. ඒ ගැන මතක් කළ එක ගොඩක් වටිනව❤️😊.
@Dulanjana718
@Dulanjana718 Жыл бұрын
Niyamai ❤️👍
@lochi4821
@lochi4821 Жыл бұрын
ඉස්සර අපේ අත්තම්මලාගෙ ගෙදර ඉස්සරහට ආවම ලස්සන දිය ඇල්ලක් තියනවා 😍 මම ගොඩක් ආසයි.. මේක දැක්කම ඒක මතක් වුණා..
@nipunimadumali2301
@nipunimadumali2301 Жыл бұрын
Meknam pissuwak ඇත්තටම හරිම ලස්සනයි 💚💚
@sachiyah408
@sachiyah408 Жыл бұрын
ඒ feeling එකට ලෝබ හිතෙනවා 🥺❤💙🍃
@artlounge__
@artlounge__ Жыл бұрын
ලස්සනයි ♥️🍃 ගොඩාක් පරිස්සමෙන් අයියා ♥️
@dilanddinuvlogs
@dilanddinuvlogs Жыл бұрын
හරිම ලස්සනයි.. e sounds ❤😲
@dimanisanjana7478
@dimanisanjana7478 Жыл бұрын
lassanai me video eka.mara lassana place ekak
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
අද නම් මාරම ලස්සන විඩියෝ එකක් අයියේ...අන්තිම වචන ටික 😍..කියන්න වචන නෑ හැම විඩියෝ එකක්ම හිතට දැනේනවා... ඔලුවට නිදහසක් දැනේනව...ලස්සනයි 😍🌳🌴🍃
@neilpehembiya8879
@neilpehembiya8879 Жыл бұрын
Wow wonderful feeling !!!!! Thank you shearing with us and take care mallie !!!!! Regards from monte carlo 🇲🇨 🇲🇨 🇲🇨
@mytraveltalks
@mytraveltalks Жыл бұрын
ඔයාට බොහෝම ස්තූතියි මෙහෙම ලස්සන දේවල් අපිට අරන් එනවට 👏👏👏👏
@janakabuddhika8162
@janakabuddhika8162 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්
@prasadbandara3911
@prasadbandara3911 Жыл бұрын
අද වීඩියෝ එක මාර ලස්සනයි.. හොද qulity එකකුත් තියෙනවා.. වීඩියෝ එක බලද්දී එතනට ගියා වගේ feeling එකක් දැනෙන්නේ...නියමයි..ඉදිරියටත් ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මල්ලී.. පරිස්සමින්.. ජයවේවා Solo Hiker.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ජයම ❤🌧️🍃
@TharupathiOfficial
@TharupathiOfficial Жыл бұрын
හදවතට දැනුන ගමනක්
@samithgamage1237
@samithgamage1237 Жыл бұрын
අම්මෝ ඒක ........👍✌️
@deemanthak4894
@deemanthak4894 Жыл бұрын
ලස්සනයි 😍video එක 😍❤️
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
හුදෙකලාවේ නිදහස නියමයි නියමයි ජය වේවා. වටින කතාවක් 👊👊👊👊
@priyashathilini9676
@priyashathilini9676 Жыл бұрын
❤❤ lassanaii aneee
@naveenchaminda94
@naveenchaminda94 Жыл бұрын
මල්ලී ගස් උඩ වැවිලා තිබුණු සාක වලට තමයි පිලල කියන්නෙ .ඒවා තමයි ගස් වලට වැලදෙන පිලිකා . වීඩියො එක ලස්සනයි .ජයවේවා .බුදුසරණයි .
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියේ බුදුසරණයි 💚❤🍃
@maliperera218
@maliperera218 Жыл бұрын
හරිම ලස්සනයි ...❤️❤️❤️
@dilshanmanusha6592
@dilshanmanusha6592 Жыл бұрын
Woow bro ❤️
@chamarasandunphotography7217
@chamarasandunphotography7217 Жыл бұрын
Pattai hode
@AshEnViduRa
@AshEnViduRa Жыл бұрын
වෙනදා වගේම අදත් video එක සුපිරි❤️💪 මම එතන ඉන්නවා වගේ දැනුනේ. අන්තිමට දීපු පණිවිඩෙත් ගොඩක් වටිනවා. පරිස්සමෙන්. සහෝදරයා❤️💕🌿🌳
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
අම්මෝ ඒකනම් සුපිරිමයි.🌸🖤
@sweetfood1
@sweetfood1 Жыл бұрын
Wow මාරම place එකක් අයියේ
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ජය වේවා....ගමන සුභයි♥️✋😍
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Woow, amazing view 👌
@travelrosa
@travelrosa Жыл бұрын
අත්වින්ද කෙනෙක් දන්නවා ඒ නිදහසේ වටිනාකම. ඒක ඒ තරම්ම ඇබ්බැහියක්. සුබ ගමන් අයියෙ ජය වේවා.❤️🇱🇰 බුදුසරණයි
@vinodsandeep7178
@vinodsandeep7178 Жыл бұрын
දිනෙශ් අයීයගෙ සෝලො හයිකර් ගෙ වීඩියො ආවට ගියාට බලන්න බෑ... ඒකට සද්ද බද්ද නැතී චිල් එකෙ ඉන්න වෙලාවක් වෙන්න ඕන... එතකොට අපිටත් ඇවිදින්න පුලුවන් ඒ එක්කම... ❤️🍀🌴🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අහන්නත් සතුටුයි 🙂🌧️❤🍃
@indikashamalee7448
@indikashamalee7448 Жыл бұрын
Wow i have no words to say you God bless you
@Dilankaransara
@Dilankaransara Жыл бұрын
Video එක බලදිදි එතන හිටියා වගේම දැනුනා 🥺💚🍃
@lahirudilshanrajapaksha9913
@lahirudilshanrajapaksha9913 Жыл бұрын
ලස්සනයි අයියා ❤️😁🔥
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
ඒකත් සුපිරී සහෝ ♥️♥️♥️
@imalkakavindi8046
@imalkakavindi8046 Жыл бұрын
Woww ❤
@nadeerasampath5304
@nadeerasampath5304 8 ай бұрын
❤❤❤❤ kattiyata dunnu adarshaya godak vatinwa,marama lassanai
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
සුපිරි 👍👍
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
💖💖💖මේන්න ජිව්තේ ව්දිනවා...නියමයි සියලු කටයුතු සාර්තක වේවා 💖💖💖
@nirmalarathnayaka3264
@nirmalarathnayaka3264 8 ай бұрын
මාරම ලස්සනයි ❤️ ඒ වගේම ආසයි . Parissamin bs🥰❤️
@anojaekanayaka3478
@anojaekanayaka3478 Жыл бұрын
ඇත්තටම සතුටුයි ඔයාගේ විඩියෝ බැලුවහම මාර සැහැල්ලුවක් දැනේන්නේ මගේත් මාරම ආශාවක් ස්තුතියි ඔයාට තමන් ගැන හැම මොහොතකම හිතන්න පරිස්මි වෙින්න බුදුසරණයි..
@nisalrandika4527
@nisalrandika4527 Жыл бұрын
වීඩියෝ එක සුපිරි බ්‍රදර් 🙂❤️
@shehankawshalya9143
@shehankawshalya9143 Жыл бұрын
ලස්සනයි...❤️❤️
@dumiduchamodya5426
@dumiduchamodya5426 Жыл бұрын
ayyage video බැලුවත් නිකන් ගියාවගේ🥺. මාරම මානසික නිදහසක් එන්නෙ ❤🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අහන්නත් සතුටුයි 🍃❤🙂🌧️
@ayeshamaduwanthi5257
@ayeshamaduwanthi5257 Жыл бұрын
බුදු සරණයි අයියේ... පරිස්සමෙන.. ඉස්සරහටත් ලස්සන වීඩීයෝ ගොඩක් ඕනේ... ❤️
@sahanprabodha9457
@sahanprabodha9457 Жыл бұрын
තියෙන වැඩත් එක්ක වීඩියෝ එක ටික දවසකට මග හැරුනා...නිදහසක් හම්බුන ගමන් බැලුවා... වෙනදා වීඩියෝ එක upload කරපු ගමන්ම බැලුව...! ජය වේවා අයියා 🌏🙏💚
@dinushaalahakoon1196
@dinushaalahakoon1196 Жыл бұрын
හදවතේ solo lover❤️😍
@madurangagayan107
@madurangagayan107 Жыл бұрын
සුපිරි ❤
@kavindiekanayake8119
@kavindiekanayake8119 Жыл бұрын
මාරම ලස්සන video එකක්.🌿🍃 ❤ පරිස්සමෙන් අයියේ , බුදු සරණයි .
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි ❤🌧🍃🙂
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
ජිවිතේ විදිනවා ❤️ සුපිරි අයියේ 😎.
@chathurarangamalrajapaksha3474
@chathurarangamalrajapaksha3474 Жыл бұрын
හරිම ලස්සනයි ..❤️👍 ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න මල්ලි . පරිස්සමෙන් .. බුදු සරණයි ...!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියේ බුදුසරණයි ❤💚🍃
@ayeshamadhushani4118
@ayeshamadhushani4118 Ай бұрын
ලස්සනයි අයියා ❤
@anuanuruddha7002
@anuanuruddha7002 Жыл бұрын
අවසාන වදන් ටික vidio එකට වඩා හිතට දැනුනා.... බුදුසරණයි
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
සුපිරි අත්දැකීමක් අයියේ 😍 පරිස්සමින් ඉදිරියටම යන්න ❤❤❤ නියමයි 👌 ජයවේවා 😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ජයම 🍃❤🙂🌧️
@lushanisenavirathnalushani7370
@lushanisenavirathnalushani7370 Жыл бұрын
Lassanai aththatama... 😍❤️
@TheKavin
@TheKavin Жыл бұрын
එක මාරම අත්දැකීමක් 💜️
@harshana879
@harshana879 Жыл бұрын
❤️ best place ever
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН