KMP සිට දූවිලි ඇල්ල හරහා ඇටන්වලට - Knuckles - Duwili falls, Infinity pool, Walpolamulla, Atanwala

  Рет қаралды 27,896

Flying Me

Flying Me

6 ай бұрын

දුම්බර වනපෙතේ ගෙවුනු දින හතර.....
මේ කතාව මට ලියන්න බැරිවුනාම නෙවෙයි.... vlog එක කොටස් කීපයකට දාපු නිසා සම්පූර්ණ කතාව අවසාන vlog එකේදි කියනව කියල හිතා ගත්ත....
මේ කතාව ලියන්නම ඕනි කතාවක් වුනත් ඒක ලියන්න මනස නිදහස් කර ගන්න වුනේම නෑ තිබ්බ වැඩ එක්ක....
අද මේ ලියන්නෙ ලස්සනම ලස්සන තරු පිරුණු අහසක් යට ඉඳගෙන.... ඒ කතාව ඊලඟ vlog එකෙන් අරගෙන එන්නම්....
ඉතින් දුම්බර වන පෙතේ තනිවෙන්න ඕනි වුනේ තෙත බරිත වෙච්ච කොල පාට ලෝකෙක අතුරුදහන් වෙන්න තිබ්බ ආසාව එක්ක.... මේ ගමන මම ගොඩක් කාලයක් plan කරපු ගමනක්.... මොකද දුම්බර එහෙම නැත්නම් අපි කවුරුත් දන්න නකල්ස් කියන්නෙම ලොකු අවදානමක් තියෙන ඒත් ලස්සනම ලස්සන දිව්‍යලෝකයක්.... ඒ දිව්‍යලෝකෙ තියෙන ලස්සනම තැන් වලින් චූටිම චූටි තැන් කීපයක් බලන්න තනියම පියාඹන්න ඕනි වුනා... ඒකට ලැබුන හොඳම අවස්තාව දෙසැම්බර් මාසෙ අවසානෙදි ආව දවස් 4 නිවාඩුව.... ඒත් ඒ දවස් ලං වෙද්දි ලංකාවෙ තිබ්බෙ හරිම කටුක වර්ෂා කාලසීමාවක්.... ඉතින් යන්න හදපු ගමන වැස්ස නිසා වෙනස් කරන්න සිද්ද වුනා.... ඒත් තිබ්බ ආසාව අඩු වුනේම නෑ... හිත කිව්වෙම ගිහිල්ල ඒ කොලපාට ලෝකෙ පියාඹන්න කියල... මොකද වැස්ස කියන්නෙ නකල්ස් වලට ලස්සනම දවස්...
ඉතින් ඒ දවස් වල ලස්සන ඒ විදිහටම විඳින්න වැස්සෙ තෙමිල එන්නම බලාගෙන මම ගියා නකල්ස්...
පලවෙනි දවසෙ පාරක් හරියට නොදන්න මහ කැලේ කිලෝමීටර් 10ක් වගේ ඇතුලකින් තියෙන KMP කියන වාඩිය හොයාගෙන ලෙබනන් වත්තෙන් ගමන පටන් ගත්ත... කැලේ ඇතුලට ආවම ඒ දැනුන හැඟීම හරිම පුදුමාකාරයි....
වටේටම අන්තයක් නොපෙනෙන මහ කැලේ.... ඒ මැද්දෙන් වැටිල තිබ්බ පුංචි අඩිපාරක් දිගේ දිය පාරවල් වලින් පැන පැන වින්ද ඒ හැඟීම හරිම නිවීමක්...
දවසම හිමින් සැරේ ඒ ගමන ගියෙ KMP වාඩිය හමුවෙනව කියල හිතේ තිබ්බ විස්වාසෙ එක්ක....
අවසානෙදි සුන්දර මිනිසෙක් තනිවම දිවි ගෙවන බිම්කඩ හමුවුනා.... මං ජීවිතේ දැක්ක පරිත්‍යාගශීලීම මනුස්සය... මහතුං මාම...
රැයක් එලිවුනා වාඩියෙ... පහුවදා උදේම ගියා පාට පාට ගස් පිරිච්ච දිව්‍යලෝකෙ බලන්න...
සීතල පිනිබිඳු....
සුලං රැලි....
මිහිදුම් පටල.....
එක්ක ගෙවුනු චාරිකාවක්....
එතනින් දූවිලි....
තනියම යන්න තරම් සුදුසු නැති අවදානම් ගමනක්.... ඒත් අතඇරියෙ නෑ... Team Spirit එකත් එක්ක ලස්සනටම ඒ ගමනත් නිමා කලා... මේ ගමන සාර්ථක කර ගන්න මට ලොකු සහයෝගයක් දක්වපු සඳුශාන් මල්ලි ඇතුලු Team එකේ සේරටම ගොඩක් ස්තූතියි 🌻🌻
කූඩැල්ලන්ගෙ රජදහනෙ ඔය පාරවල් වලින් එතෙර වෙවී මහ කැලේ මැද්දෙන් තව කිලෝමීටර් බර ගානක්....
සුන්දර දූවිලි....
අනන්ත තටාකය......
මේව පහුවෙද්දි හිතට දැනුනෙම ඉක්මනින්ම දවසක ආපහු පියාඹන්න එනව කියල..... තනියම....
ඉතින් එදාට හමුවෙමු.....
එතෙක්
රකිමින් විඳින්න 🍃🍀🌱💚🌻

Пікірлер: 251
@Sheeli12
@Sheeli12 6 ай бұрын
හොද කොල්ලෝ ටිකක් තනි කෙල්ලෙක් බය නැතුව යන්න පුලුවන් හොද කොල්ලෝ ටිකක් හම්බුනා නේද. ❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 6 ай бұрын
ඔව් ඒ වගේ හොඳ අය මටත් හම්බෙලා තියෙනවා තනියම ට්‍රැවල් කරද්දි 🙃❤️
@sujathajayasinghe8927
@sujathajayasinghe8927 6 ай бұрын
​@@TravelWithJuliya98mama thaniyama nuwaraeliye yanna hithagena innawa.thaniyama ganu lamayekta arakshithawa baya nathuwa nawathinna puluwan thanak dannawa nam kiyanna puluwanda ?
@Saadiya_Hansi
@Saadiya_Hansi 6 ай бұрын
​@@sujathajayasinghe8927 මට අවු 23 යි. mn girl knk....කොලබ ඉඳන් මහියන්ගනයට තනියම ගියා ..දවස් දෙකක ගමනක්... Kandy වල නැවතුනා රෑ අර තරුණ බෞද්ධ සභාවෙ (රජයෙ තැනක්..හරියට තානායමක් වගෙ ඒක) රු.1000 ක් දීලා තනි කාමරයක් හම්බවෙනවා බාත්රූම් පහසුකමුත් එක්ක.... නුවරඑළියෙත් ඇති ඒ අයගෙම Branch එකක්..
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 6 ай бұрын
හැම ගමනක් ම තනියම සුදුසු නැහැ කියලා තේරුම් ගත්ත එකට මාරම සතුටුයි දුවේ...
@Legends_nrs
@Legends_nrs 6 ай бұрын
@anushagodakanda100
@anushagodakanda100 6 ай бұрын
මේ දරැවන් හැම දෙනාම ලංකාවේ හැමෝටම හොඳ ආදර්ශයක් ....❤❤❤ තෙරැවන් සරණයි අපේ කෙල්ලව පරිස්සමෙන් අරන් ගිය කොලු පැටවු ටිකටත්....ඉක්මනින් ම අපේ කෙලි පැටියට මේ ගමන තනියෙම විදින්න හැකි වේවා ❤️❤️❤️❤️
@Legends_nrs
@Legends_nrs 6 ай бұрын
Of course thanks
@menakaeldeniya793
@menakaeldeniya793 6 ай бұрын
ඔයා මාර brave අක්කෙ...ඇත්තමයි ඒ තැන් හරිම ලස්සනයි...ඒවා පෙන්වනවට ඔයාට පින්..❤ ඒ වගේමයි ඔයාව එක්ක ගිය boys ලට hats off...❤❤
@kumariherath1726
@kumariherath1726 6 ай бұрын
විශ්වයට ආදරය කරන විශ්විනි..නමටම ගැලපෙන සුන්දර දරුවෙක් ...❤️❤️❤️
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 6 ай бұрын
ස්තුතියි දුෂ්කර ගමන් මාර්ගයක ගිහින් මේ ස්වභාවය ධර්මයේ සුන්දරත්වය දැකගන්න සැලසුවාට ❤❤❤🌻🌻🌻
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 6 ай бұрын
ඒ හීනේ හැබෑ උන එක නම් මාර සතුටුයි 💚💚 ලංකාවේ හැමෝම අනිවාර්යයෙන් යන්න ඕනි ලස්සනම ගමනක් 🤩
@user-hr2hq1rk6k
@user-hr2hq1rk6k 6 ай бұрын
අක්කව තව ටික දවසකින් TV chanel එකකින් ගනීවි ..travel වැඩසටහන් වලට ...නියමයි අක්කී ජය වේවා !!!👍👍👍👍
@Lions-zc4xx
@Lions-zc4xx Ай бұрын
හරීම ලස්සන මනස්කාන්ත සුන්දර පරිසරයක පද්ධතියක් ඔබත් ඔබේ හිතවතුන් අපට රැගෙන ආවේ. ඔයාටත් උදව් කල හැමෝටමත් ස්තුතියි. තෙරුවන් සරණයි ඔයා හැමෝටම.
@ajithgamage104
@ajithgamage104 6 ай бұрын
Harima lassanai hamadamath adaraiii❤️❤️❤️❤️
@yasindubimsara98
@yasindubimsara98 6 ай бұрын
සුපිරි අක්කෙ ඒ ගමන අමතක වෙන්නෑ. ජයම වේවා ❤🌻
@aruns90
@aruns90 6 ай бұрын
අනේ ඇත්තමයි මාරම පුදුමයි ඔයා ගැන. කොල්ලෝ ටිකත් හරි හිත හොඳ කොල්ලෝ ටිකක් උදව් කලා ගොඩක්. තවත් මේ වගේ ලස්සන ගමන් පරෙස්සමින් යන්න වාසනාව ලැබේවා ඔයාට. ❤️
@Legends_nrs
@Legends_nrs 6 ай бұрын
සුපිරිම ගමන.. සුපිරි කොල්ලො ටිකක්... Thanks and wish you all the best.. තෙරුවන් සරණයි🙏🙏🙏
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@thamarajayasiri416
@thamarajayasiri416 6 ай бұрын
අනේ පුතේ ඔයත් එක්ක ඔන්න පරිසරය වින්දා.ගොඩක් ස්තුතියි.තව තවත් ලස්සන තැන් පෙන්වන්න ශක්තිය ලැබේවා!. පරිස්සමින්.බුදුසරණයි.
@user-nb4yg6jz1f
@user-nb4yg6jz1f 6 ай бұрын
extreme destinations.. thank you
@user-sj8ln9bd6b
@user-sj8ln9bd6b 6 ай бұрын
Patta...nangi...be careful .. Budusaranai...
@chathuridhanapala9244
@chathuridhanapala9244 6 ай бұрын
Amazing! ❤️ Keep it up darling! 👊 Good luck! 💐
@Sewmrajapaksha28
@Sewmrajapaksha28 6 ай бұрын
නියමයි අක්කේ.... 🖤 ආසයි ඔයා එක්ක ඇවිදින්න පරිසරය විදින ගමන්. 💚
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Wow super awesome fantastic lovely vlog Thank U so much for your great amazing experience shared with us. Darling oyata godak pin 🙏🤩🥰😘🤗
@user-kh3rh4cn6w
@user-kh3rh4cn6w 6 ай бұрын
Wow akkee...🥰🥰🥰...maarai..දියඇළි පාරාදීසයයි..කූඩැලු විමානයයි..🥹
@renukamalkanthi580
@renukamalkanthi580 6 ай бұрын
ඔයාගේ හිතට තවත් ශක්තිය ලැබේවා නංගියා හරිම ලස්සනයි ❤
@Irosha-bx9zz
@Irosha-bx9zz 6 ай бұрын
Lassanai nangi video eka...😍😍
@zion_creation6665
@zion_creation6665 6 ай бұрын
Niyamai thanks ❤🎉
@maleeshaliyanage2503
@maleeshaliyanage2503 6 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි අක්කේ 🥰🥰
@nilmaneltk
@nilmaneltk 4 ай бұрын
දුවේ, ඔයාගෙ ඔය සුන්දර ගමන් වලටනියමටම ගැළපෙන සුන්දර සහකරුවෙක් ලැබේවා!
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 6 ай бұрын
So Beautiful vlog ❤❤❤ Thank you very Much 🥰🙏🙏🙏
@Legends_nrs
@Legends_nrs 6 ай бұрын
Wow the falls were fantastic
@manojsuranga6084
@manojsuranga6084 6 ай бұрын
පරිස්සමට. ජය වේවා
@sandunisewwandika9642
@sandunisewwandika9642 6 ай бұрын
Woww akkiyoo❤😍😍
@SUSAGaming98
@SUSAGaming98 6 ай бұрын
Harima lassanai akke ❤❤❤❤
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 6 ай бұрын
පුතේ.මට හිතෙන විදිහට ඔයාට උතුම් නිවන හරි ලගයි.උතුම් තුනුරුවනේ සරනයි!
@user-rb4vm3pq3h
@user-rb4vm3pq3h 6 ай бұрын
Ane.harima.lassani.kiyanna.wachana.na.parissamen.budu.saranai
@family.srilanka
@family.srilanka 6 ай бұрын
හරිම ලස්සනයි නංගි, ඔයා විතරක් නෙවෙයි අපිත් රසවින්ඳා හැමදේම 👍
@user-eh7tr4bu6x
@user-eh7tr4bu6x 6 ай бұрын
Thanks. It's really beautiful. You presentation also very good.
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t 6 ай бұрын
Much love ❤ Flying me Keep it up 😘
@Aravindakarunarathne.
@Aravindakarunarathne. 6 ай бұрын
මමත් කැලේ යනවා වගේ හොද වීඩියෝවක් ආදරෙයි පරිසරයට, හැමදාම පරිස්සමින් යන්න තෙරුවන් සරණයි ♥️
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 6 ай бұрын
Godak lassanai thawath me wage vidiyo oni hode budu saranai
@nalaka383
@nalaka383 2 ай бұрын
හරිම ලස්සනයි නංගි, ඔයා විතරක් නෙවෙයි අපිත් රසවින්ඳා හැමදේම👍👍💪
@uchiperera7525
@uchiperera7525 6 ай бұрын
ආසාවෙන් ඉන්න තැනක් යන්න knuckles මටත් ඉක්මනට ඒ හීනෙට යන්න පුලුවන් වේවා.. තනිකරම පිස්සුවක් 🌿🍃Thank you sis මේ දෙවල් මෙහෙම ලස්සනට පෙන්නනවට..❤
@yamankohehari
@yamankohehari 6 ай бұрын
Hi hi...කෙල්ලේ...❤❤💯💯 බලාගෙනම හිටපු එක..❤
@Ceylonoutdoors
@Ceylonoutdoors 6 ай бұрын
ජයවේවා❤ අක්කේ ❤ පරිස්සමෙන් ❤
@suufreaky185
@suufreaky185 6 ай бұрын
Good luck කෙල්ලේ
@nethmiperera3644
@nethmiperera3644 6 ай бұрын
Woww 💚🍃🍀👣🧗‍♂️
@user-rm8jr1ew1q
@user-rm8jr1ew1q 5 ай бұрын
මාරම ලස්සනයි . පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ .කියන්න වචන නෑ.ඇස් දෙකට කදුළුත් ආව මේ video එක බලද්දි. ඒ තරම් පරිසරය සුන්දරයි. very, very thanks ඔයාට
@damayanthigamage8344
@damayanthigamage8344 4 ай бұрын
❤❤ සොබාදහම ඔයා ව.rakivi.....❤❤
@Legends_nrs
@Legends_nrs 6 ай бұрын
I really thank all guys there helping you for this great adventure wow it’s mind blowing,exciting and extraordinary
@ashinifrancis
@ashinifrancis 6 ай бұрын
Your videos are so exciting! Keep up the good work❤
@Vishwani
@Vishwani 6 ай бұрын
Thank you so much ❤
@amilasampath3822
@amilasampath3822 6 ай бұрын
❤❤❤ අදරෙඉ
@travelexpertlk8269
@travelexpertlk8269 6 ай бұрын
ලස්සනයි ❤
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 6 ай бұрын
Nangi what a wonderful beauty no words to express❤
@enzw5687
@enzw5687 6 ай бұрын
Teruwan sarani Wish you all the best
@user-qd3ul3zd2l
@user-qd3ul3zd2l 6 ай бұрын
Harima lassani puthe.oyata piñ.prissamen putha.budusaranai
@CNGTRAVEL96
@CNGTRAVEL96 6 ай бұрын
In fact, there is a wonderful beauty difference in these lovely trips alone. I also like to walk freely alone.😘💕💕💕💕
@user-tf2oz6to7o
@user-tf2oz6to7o 6 ай бұрын
Good luck❤❤🎉
@sadunsameera8019
@sadunsameera8019 6 ай бұрын
Excellent 🎉
@user-nj3zv1qw4z
@user-nj3zv1qw4z 6 ай бұрын
E nature eka addict wena ekak maarama behethak. Eka experience karanawa kiyannema godak lucky oya godak lucky akki. Math godak asawen inna dream ekak. Oya widina e dewal mehema aran enawata thank you. Keep it up. Budusaranai oyata.oyala wge girlsla thamai me ratata ona.pissuwa wadi karapu vlog ekak 🍀❤️👍🥰
@AmashaWikkramaarachchi-kz6ed
@AmashaWikkramaarachchi-kz6ed 6 ай бұрын
Ane maru
@Transasia925
@Transasia925 6 ай бұрын
Brautiful Video but very scary.Good you joined others.Bless all of you❤Rosiee
@Vishwani
@Vishwani 6 ай бұрын
Thank you so much ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 6 ай бұрын
නියමයි අනේ ❤️❤️❤️ මාරම ලස්සනයි නේද අක්කේ 🥰 ඔයා නම් නියමයි 👍😘 ඒ views මාරම ලස්සනයි 🥰 පරිස්සමින් 👍 ඔයා වගේ කෙල්ලෙක් මෙහෙම යනවා කියන්නේ තනියම 💖 ඉතින් 👍👍👍 පරිස්සමින් බුදුසරණයි 🙏 අක්කි යෝ 🥺💜
@kushanperera8158
@kushanperera8158 6 ай бұрын
ඔයා බලාපොරොත්තුව වෙන විදියට මේ ගමන තනිවම ගිහිල්ලා ඒ සුන්දරත්වය විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා...
@ismaththee6674
@ismaththee6674 6 ай бұрын
good luck..
@NiroshaAbeynayaka-bf8br
@NiroshaAbeynayaka-bf8br 6 ай бұрын
AL ඉවර වෙලා ඇවිත් මුලින්ම බැලුවේ මේ video එක ❤❤❤
@malshipravindya1018
@malshipravindya1018 6 ай бұрын
Akke oya බෝඹුරු ඇල්ල balanna ynna,ekath oyata loku athdakimak wewi,eka thiyenna nuwara eliye,ekath oya wagem harim lassana thenak
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 6 ай бұрын
Ane parissamin duwa hamadamath kiyanna wage apita oyage gamana sundara wage penunata oya kotharan abiyogayak gannawa adda thaniya bs
@ruwanguruge769
@ruwanguruge769 2 ай бұрын
නියමයි
@tharuka3245
@tharuka3245 6 ай бұрын
අම්මෝ පිස්සුවක් දැන්නම් flying me😁❤❤️🥀🍃
@Vishwani
@Vishwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sajeewanirajapaksha2638
@sajeewanirajapaksha2638 6 ай бұрын
මග හැරුන ඒවා ටිකක් ඉක්මනින් යන්න ලැබෙයි නංගී.. මේ ගමනත් හරිම සුන්දරයි...💚🌿
@Trustme-z8p
@Trustme-z8p 6 ай бұрын
Harima lassana gamanak❤❤❤ane akke background music eka wenas karannako.😊
@SureshKokuhannadige-gw8pn
@SureshKokuhannadige-gw8pn 6 ай бұрын
පරිසරය මාරම ලස්සනක් තියෙන්නේ , එ සුන්දරත්වය විදින්න නම් ලංකාවට අපු ගමන් යන්නම ඔනේ ගමනක්, විඩියෝ එක බලනකොටත් මාරම සැහැල්ලුවක් දැනේන්නේ මනසට..🌹☘️💚☘️
@Legends_nrs
@Legends_nrs 6 ай бұрын
It’s an extremely adventurous hike tour
@StatusSL208
@StatusSL208 6 ай бұрын
අක්කි නම් මාරම lucky❤ ඒ තරම්ම සොබාදහම එක්ක,මාරම බැඳීමක් අක්කිට තිනවා, ඒ වගේම අනිත් පැත්තෙන් සොබාදහමත් ඒ ලස්සන හීන හැබෑ කර ගන්න ආශිර්වාද කරනවා, මේ Videos බලද්දි වෙනම ලෝකෙකට යන්වා වගේ❤ මගේ මව් රට තරම් ලස්සන රටක් තිබේද ඉතින්❤😊
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
Aththamai
@fernandosarath4694
@fernandosarath4694 5 ай бұрын
Lassanai ❤❤❤❤❤❤ From Itali
@ashinifrancis
@ashinifrancis 6 ай бұрын
Your videos are so exciting keep up the good work ❤
@Vishwani
@Vishwani 6 ай бұрын
Thank you so much ❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 6 ай бұрын
පට්ට Video එක🤔😮🫢❤️💯😍🤗😊👌👍🙏
@dilshanjeju7414
@dilshanjeju7414 6 ай бұрын
Oya maru
@shanuu4379
@shanuu4379 6 ай бұрын
Marama lassani akki ane hamadama meh waga video genna puluwannm hamadama apita balanna thibba athatma mara adambarai akki gana prissmin akki meh waga video ekk danakam thma balagana htya ❤
@Vishwani
@Vishwani 6 ай бұрын
තව එකක් අරං එන්නම් ඉක්මනින්ම ❤
@user-iw8go6eo1p
@user-iw8go6eo1p 6 ай бұрын
Goood❤❤❤
@antonleo2080
@antonleo2080 6 ай бұрын
First time I saw the girl vlogging in the forest alone and I appreciate your efforts 🙏
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 6 ай бұрын
රකිමින් විදින්න ❤️❤️❤️
@TravelWithJuliya98
@TravelWithJuliya98 6 ай бұрын
හරිම ලස්සනයි මැණික 🙃❤️ කියන්න වචන නෑ, මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔහොම තනියම ලොකු hiking කරන්න, මං තාම පොඩි ගමන් විතරයි ගිහින් තියෙන්නේ, ගොඩක් විස්තර රැගෙන ආවට ගොඩක් ස්තූතියි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@tedyyyy9540
@tedyyyy9540 6 ай бұрын
Maru akke ❤❤
@Vishwani
@Vishwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ourcountry5808
@ourcountry5808 6 ай бұрын
කුඩැල්ලන්ගෙන් බේරීමට ලුණුකුඩු දියකර දණ හිසින් පහල කකුල්වල ගන්න, එය ජලයට සේදී ගියහොත් නැවත ගන්න. කුඩැල්ලන්ගේ විෂ අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව මතක තබා ගන්න
@Vishwani
@Vishwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි මෙහෙ කූඩැල්ලො ගොඩක් හිටිය. 😊
@samanthalalith7688
@samanthalalith7688 6 ай бұрын
flingme very beuteful this place is very nice❤😂
@awesome3769
@awesome3769 6 ай бұрын
wadanaya harima amihiri, sadde vadi sadde nathath aulak na
@ChaRuX
@ChaRuX 6 ай бұрын
මරු කොටින්ම කිවොත් පිස්සුවක් 🥰😍❤💭💚🖇️
@Vishwani
@Vishwani 6 ай бұрын
විඳින්න ❤
@user-nb4yg6jz1f
@user-nb4yg6jz1f 6 ай бұрын
Pandithai kiyala therum gaththa ekath loku deyak... ha ha
@samanpradeep7704
@samanpradeep7704 6 ай бұрын
සුභ ගමන් බුදු සරණයි
@Vishwani
@Vishwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 6 ай бұрын
Tim ekak ekka giya eka godak hodi Lassani parissamin bs ❤❤❤❤❤
@slpasan1260
@slpasan1260 6 ай бұрын
100 like eka magen akke
@Vishwani
@Vishwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@user-ko2xj1tf8n
@user-ko2xj1tf8n 6 ай бұрын
RKP යන්නේ නැද්ද අක්කේ.මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි 👍
@IndikaSanath-bo2ty
@IndikaSanath-bo2ty 6 ай бұрын
Nice trip dear ❤❤❤
@Vishwani
@Vishwani 6 ай бұрын
Thank you so much ❤
@kumudugayani3949
@kumudugayani3949 6 ай бұрын
අම්මෝ මේක නම් පිස්සුවක්.thank you flying me❤️❤️
@Vishwani
@Vishwani 6 ай бұрын
විඳිමු.... ❤
@UdariLakmini_
@UdariLakmini_ 2 ай бұрын
❤❤
@Mariya-cq9yk
@Mariya-cq9yk 6 ай бұрын
❤oya kudallo inkarana kota mage kudallo kanawa wage danuna ❤❤❤❤❤❤thaniyamaa nathywa yaluwek ganna manika ❤❤❤man
@kavirathnayake9587
@kavirathnayake9587 6 ай бұрын
Video akanam lassanai ❤ aeeth background music ekanam not matching Akki
@pradeepbro
@pradeepbro 6 ай бұрын
Parissamen yanna lassanai adath❤
@Vishwani
@Vishwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@jeewithechaarika84324
@jeewithechaarika84324 6 ай бұрын
ඒ ලස්සන
@Vishwani
@Vishwani 6 ай бұрын
පිස්සුවක්...❤
@gallerysanjaya
@gallerysanjaya 6 ай бұрын
❤❤❤❤❤❤👍
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 6 ай бұрын
අම්මෝ කියන්න වචන නෑ පුතේ .හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි .වීඩියෝ එකකින් හරි මේ සුන්දරත්වය විදින්න අපිට ලබාදෙන පුතේ ඔයාව මේ සොබාදම් මාතාව රකිනවා හැමදාම ..සොබාදම් මාතාව විසින් තමයි ඔයාව මවල තියෙන්නේ.මට හිතෙන්නේ එහෙම .පරෙස්සමින් යන්න එන්න අපේ කැලෑ කෙල්ල .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ඔයාට .ආදරෙයි පුතේ හැමදාම ..😃😃❤️❤️❤️❤️❤️
@Vishwani
@Vishwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි .... අනේ කැලෑ කෙල්ල.... ඒ වචන දෙකට නම් හරිම ආස හිතුන. ❤
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 201 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,5 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Harry මල්ලිගේ ලෝකෙට ගියා | ලොකේ සුපිරිම Harry Potter Studio එක ජපානෙන්
33:38
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 38 М.
කිතුල්ගල Rafting යන්න එන්න...
24:27
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН