Yashodara Kavi with Lyrics | යශෝධරා කවි | බිම්බා දේවී | Nipuni Hansika Dharmadasa

  Рет қаралды 424,136

Pamuditha Manelanga

Pamuditha Manelanga

10 ай бұрын

ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව වූ පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය වූ මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා!
පදපෙළ 🙏👇
සුන්දර ඇසළ සඳ බබළන අහස මත
පින්බර දිනක මම අම්මා කෙනෙක් උන
පෙම්බර මගේ පණ නල බඳු සමිද ඔබ
වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට
සංකාසෝක තැවෙනා සිත දරාගෙන
සන්ධ්‍යා වළා රත් පැහැවන වෙලාවට
ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
එන්නද සමිදුනේ ඉන්නා දිහාවට
සීතල සුළං හිමවත් පව්වේ ඉඳලා
ඇවිදින් වැදුණි සමිදුගෙ සිරිපා සිඹලා
සුපිපිණ සුවඳ මල් කැකුලක් බිම වැටිලා
බල බල හිටියෙ සමිදුන් අද එයි කියලා
තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
ඉර හඳ පවා පරදන ඔබෙ රූ සිරිය
සිහිකර කරා මම ඉන්නේ එන තුරුය
දන්නා නමුත් හැර යන බව යම් දිනක
නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක
පිසදා කඳුලු මදහස නගමින් නිබඳ
බල බල හිඳිමි බුදු වී එනතුරුම අද
ශෝකයෙ ක‍ඳුළු සමිදුනි නවතාලන්න
රාගයෙ රුදුරු කෙළෙසුන් දුරු කරලන්න
අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
අම මහ නිවන් සැපගෙන අද මෙහි එන්න
සුසිනිදු කසී සලු හැරදා මෙමා අද
හනසළු දරනවා සමිදුනි මැදුර මැද
ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද
කය මැදුරේ නමුදු සිත ඔබ ළඟය අද
යනවිට වංකගිරියට වෙසතුරු නිරිඳූ
මන්ද්‍රී දේවි ආවා වනයට රුදුරූ
සසරේ එනවිටදි අපි එලෙසින් නමුදූ
තනිවම ගියේ ලබනටමද පදවි බුදූ
සව්සත එතෙර කරවන්නට සන්සාරෙන්
දීපංකර මුණිදුගේ බුදු කරුණාවෙන්
මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින්
සසරෙහි හිමියනේ පාරමි පුරන විට
මතකද ඔබට දන් දුන්නා දෙවියව
කිසිවෙනසකින් තොරවම සිත සතුටුවන
බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම
සිදුහත් මහා බෝසත් හිමිරජාණෙනී
රන් මිණිමුතු ද අගයක් නැහැ සුවාමිනී
ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනී
එතෙරට ගන්න මාව ද ගිනි ගුහාවෙනී
හැම සැප සපිරු සුදොවුන් පිය නිරිඳු කුල
රාහුල පුතුන් සනසා වඩමින් උකුල
සිදුහත් ලොවට අරුතට ඉපදුණු මෙකුල
බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුල
දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
භව රැහැනේ බැඳුම් සිඳිනා මගම ගිය
මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය
ගෞතම මුණිදුගේ සසුනේ වැඩ හිඳිමින්
මරු පරදවා අරහත් බල පතුරවමින්
හඬනා ශෝකහුල් හැම උදුරා දමමින්
බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්
දම් ගගන තලාවේ අම වළා පැතිරුනා
විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා
මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ.
මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම තම නාලිකාවල ප්‍රවර්ධනය වෙනුවෙන් වෙනත් KZfaq හෝ Facebook නාලිකාවල නැවත ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ..කර්තෘ අයිතින් උල්ලංඝනය කිරීමකි..
Yasodara Kavi - යසෝදරා කවි
පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ .
සංගීතය සහ නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග.
ගායනය - නිපුනි හංසිකා ධර්මදාස.
Lyrics - Rev. Katugastota Siri Damma Himi
Melody, music & produced - Pamuditha Manelanga
Singing - Nipuni Hansika Dharmadasa.
Music instrument player (percussionist) - Sumudu wikasitha Manelanga.
Recording - Tharanga Rathnayake.
Music composition, Mixing & Mastering - Isuru vithanage
Yashodara Kavi audio track by Pamuditha Manelanga©
unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
Pamuditha Manelanga is the original composer of this song.
All Rights Reserved ©
#yashodarakavi
#bimbadevi
#pamudithamanelanga

Пікірлер: 630
@asawarnakula871
@asawarnakula871 8 ай бұрын
මම මගේ බබා ලැබෙන්න ඉද්දි මේක ඇහුවා.දැන් බබා නැලවිලි ගී වලට වඩා මේ කවි ඇහෙද්දි තමා නිදාගන්නෙ. හරිම ලස්සනයි හිත සසල කරවන කවි පෙලක්.යසෝදරා උත්තමාවියගෙ මග යෑමට මටත් මගේ දියණියටත් පින් ලැබේවා.
@user-ln7vx6zf9d
@user-ln7vx6zf9d 7 ай бұрын
Mageth ehemamai❤❤
@NimmiUpekha_..
@NimmiUpekha_.. 7 ай бұрын
🥰🥰දෙන්නට ම බුදු සරණයි
@tharukade8251
@tharukade8251 7 ай бұрын
Hodaine
@kapilakularathnakapilakula3817
@kapilakularathnakapilakula3817 6 ай бұрын
Pin ලැබේවා ❤
@theleenasamanthi4655
@theleenasamanthi4655 3 ай бұрын
මගෙත් එහෙමයි...🙏🙏🙏
@nishanisumedha3768
@nishanisumedha3768 7 ай бұрын
රාහුල මාතාවගේ සත්‍යානූ බාවයේන් මගෙ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා..සාදු සාදු සාදු ..🙏🙏🙏
@gm-shehanitheekshana1660
@gm-shehanitheekshana1660 5 ай бұрын
🥺❤️ එය එසේම වේවා ❤️🙏
@sujeewa6510
@sujeewa6510 4 ай бұрын
ඔබේ ඒබලාපොරොත්තුව ඉස්ටසිද්දවේවායි ❤න් පත්මි
@dilani5816
@dilani5816 4 ай бұрын
එසේම weva
@nisansalamaduwanthi7544
@nisansalamaduwanthi7544 3 ай бұрын
ඔබෙත් මගෙත් දරු සිහිනය සැබෑ වේවා🙏🙏
@asirithilindu4996
@asirithilindu4996 Ай бұрын
එසේම වේවා ...
@harshanimadhushika404
@harshanimadhushika404 7 ай бұрын
අවංකව ආදරේ කරන සියලු දෙනාට යශෝදරා මහ රහත් තෙරණීන් වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා . 🙏🙏🙏🙏
@manojmendis4406
@manojmendis4406 7 ай бұрын
Ow 🙏🙏🙏
@ireshaniro102
@ireshaniro102 4 ай бұрын
🙏🙏🙏
@dilrukshikasewwandi
@dilrukshikasewwandi 3 ай бұрын
@darshanathilina7678
@darshanathilina7678 2 ай бұрын
🙏🙏🙏
@nathashabandara2998
@nathashabandara2998 2 ай бұрын
😇♥️
@MaheeDesilva-it5gv
@MaheeDesilva-it5gv 8 ай бұрын
හිත රිදිලා ඉන්නේ හොදටම, මගේ දෝනිට සනීප නෑ....මා කල පින් බලයක් වේනම් ඒ පින් බලයෙන් මගේ දරුවා සුවපත් වේවා....!!" හිත රිදෙන හැම වෙලේම අහන්නේ මෙ කවි බණ ..
@sachiirandunu4783
@sachiirandunu4783 6 ай бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි🙏
@user-mq2nt5mq9k
@user-mq2nt5mq9k 6 ай бұрын
Obage diyaniyata ikmanin suwa wewa
@hirudil2787
@hirudil2787 6 ай бұрын
ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏
@nextekelectronics6225
@nextekelectronics6225 5 ай бұрын
Thunuruwan balen Ikmanin suwa wewi🙏
@user-zu4by8vu1r
@user-zu4by8vu1r 4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ....
@Sewwandi-Hettiarachchi
@Sewwandi-Hettiarachchi 8 ай бұрын
මට අවුරුදු 27.. මගේ හිතේ ලොකු බලාපොරුත්තුවක් තියෙනවා ඒ දේ වෙනුවෙන් මම බලන් ඉන්නවා.. පිංවත් යශෝදරා මෑණියන්ගෙ පිහිටින් අපි දෙදෙනාගේ සියළු බලාපොරුත්තු ඉෂ්ඨ කරගැනීමට හැකි වේවා!!!!!
@tharakaadissanayake218
@tharakaadissanayake218 9 ай бұрын
පිංවත් යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 මෙය ශ්‍රවනය කිරීමේ පිං බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..දීර්ඝායුෂ ලබත්වා... !!! 🙏
@denuwanwijesuriya2c527
@denuwanwijesuriya2c527 8 ай бұрын
Mama daruwek balaporoththuwen ennawa,me sathyanubawa balayen siyalu mawwarunge prarthana etu wewa
@ranganalakmal3714
@ranganalakmal3714 8 ай бұрын
නිදුක් නිරෝගී දරුවන් ලැබෙයි ඔබට.....!
@cutieff2783
@cutieff2783 8 ай бұрын
මං කතෝලික 🥺❤️ එත් මං මේකට ගොඩක් ආසයි 🥺❤️ හිත නිවෙනවා පුදුම සැනසීමක් දැනෙන්නේ ❤️
@user-cd8cg9ke6w
@user-cd8cg9ke6w 7 ай бұрын
Harima pin me geya gayana karana, gethaya liyapu, sangeethaya sapayana siyanlantama. Marama sanaseema hithata danenenne🙏🙏🙏
@candanasrimal6588
@candanasrimal6588 7 ай бұрын
ඔබත්, ඔබගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනාත් යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් යහපත් වේවා!!! පින්වන්ත වේවා!!!
@upekshaabeyrathna7013
@upekshaabeyrathna7013 7 ай бұрын
පින්බර යශෝදරා දේවියගේ ආනුභාවයෙන් මගේ සිතේ ඇති දුක් ගිනි නිවේවා!!!
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 4 ай бұрын
මගෙත්
@surekajayasingha8878
@surekajayasingha8878 8 ай бұрын
මට අවුරුදු 24යි..දුක හිතෙන හැම වෙලාවකම මේක අහනවා .මාරම සැනසිමක්❤️
@vhagipabasarani8681
@vhagipabasarani8681 6 ай бұрын
Aththa 💆💗
@deepasana6232
@deepasana6232 6 ай бұрын
දුක කියන දේ ට වයස් බෙද්‍යක් නෑ 🙏
@NiramaniHewage
@NiramaniHewage 3 ай бұрын
🤝❤💆‍♀️
@user-ui3hm2jm3i
@user-ui3hm2jm3i 2 ай бұрын
Ane math❤
@virangasiwmini1965
@virangasiwmini1965 Ай бұрын
Mth dn Mt aurudu 22 dn aurudu 2ka idan ahanawa, dn nida gnna yanakota aniwaren phone eken kawi dala nida ganne naththam ninda yanne na❤
@vhagipabasarani8681
@vhagipabasarani8681 6 ай бұрын
තුන් ලොවටම පාරිශුද්ධ වු උතුම් කාන්තා රත්නය යශෝදරා මහරහතත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු !සාදු! සාදු ! 🙏💗
@shaluperera7309
@shaluperera7309 6 ай бұрын
පිංවත් යසෝදරාමාතාවන්ගේ සත්‍යානුබාවයෙන් මගේ කුසට පිංවත් නීරෝගි වාසනාවන්ත දරුවෙකු ලැබේවා..😊
@SashiniKavisha
@SashiniKavisha 6 ай бұрын
🥺❤️ A wish for you
@gm-shehanitheekshana1660
@gm-shehanitheekshana1660 5 ай бұрын
🥺 එය එසේම වෙන්න ඕනි 🙏🙏💐
@Alokainduwara
@Alokainduwara 4 ай бұрын
ඔබට ඔබේ ප්‍රර්ථනාව සැබවින්ම ඉස්ඨ වේවා කියා පිං සිතින් ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි
@Aliens179
@Aliens179 4 ай бұрын
Oyage prarthanawa ista wennama ona ❤
@Chamod1203
@Chamod1203 4 ай бұрын
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl Ай бұрын
මම කතෝලික ඒත් මේක හරිම ආසාවෙන් අහද්දි අමුතූ පුරුදු ගතියක් තියෙනවා
@user-qq9vs5iq8o
@user-qq9vs5iq8o 10 күн бұрын
kzfaq.info/get/bejne/Z8qBir1i2bzXe2Q.htmlsi=V33vpt_KOMnT7woy මම කියනවට යසෙධරා උත්තමාවිය ගැන අහන්න පුදුම හිතෙනවා
@user-eg6mm6xy7j
@user-eg6mm6xy7j 3 ай бұрын
මගෙ අක්කි ටයි මටයි හොද අනාගතයක් හා හැම සිහිනයක්ම ඉශ්ට වේවා පතනවා.අම්මි ට හා තත්තිට කවදාවත් මහන්සි හ වරදින්න එපා...බුදු සරනයි...😢🙏🙏😢
@user-qm6db3jc2r
@user-qm6db3jc2r 5 ай бұрын
ඉස්ලාම් මමත් හරි අසාවෙන් අහන කවි පෙලක් ..හිත නිවෙන කවි පෙලක් ..පිංවත් යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏මෙය ශ්‍රවණය කිරීමේ පිං බලයෙන් මාගේ කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් වේවා ....නිරෝගී වේවා ...සුවපත් වේවා ...දීර්ඝායුෂ ලබත්වා...සියලු අගපසඟයෙන් යුක්ත වේවා ...පිංවත් වාසනාවන්ත දරුවෙක් වේවා ... සාදු ...සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏🙏🙏
@user-sq9xi1lv9y
@user-sq9xi1lv9y 3 сағат бұрын
දිමුතු නදීෂාන් කියන්නේ කව්ද දන්නේ නෑ නේ 🗿
@user-te8hu8rn8y
@user-te8hu8rn8y 7 ай бұрын
සාදු සාදු සාදු .මෙම කවිය කියන නංගීට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගොඩක්ම පිං හරිම ලස්සනයි
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 8 ай бұрын
උඩුපිල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපු පුණ්‍යභූමියේ වැඩසිටින සිරි යශෝධරා මහ සෑ රජුන් තුන්ලෝකයේම යශෝධරා මහරහත් උත්තමාවියගේ ධාතු නිධාන එකම සෑ රජාණන් වහන්සේ ලෙස වර්තමානයේ සලකනු ලබනවා...ඒ උත්තම සිරි යශෝධරා මහ සෑයට නමස්කාර වේවා!!!
@wijewije4683
@wijewije4683 7 ай бұрын
🙏🙏🙏
@mithilazoom4773
@mithilazoom4773 6 ай бұрын
🙏🙏🙏🙏
@user-fo1xs9qi7p
@user-fo1xs9qi7p 5 ай бұрын
යශෝදරා උත්තමාවියගෙ දාතුන් වහන්සේලාට අතතියන්න වත් කාටවත් විදිහක් නෑ ඒකටහේතුව දීර්ඝ කතාවක් දාතුන්වහන්සේලා ජීවමානව නෑ සියල්ල බශ්මඋනා චරිතාපදානය බලන්න.
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 5 ай бұрын
@@user-fo1xs9qi7p නෑ,ශ්‍රී දේහය ආදාහනය කොට ලැබුණු ධාතූන් වහන්සේල නිධන් කරල දඹදිව යශෝධරා මහා සෑයක් හැදුවා.ඒක සදහන් වෙනවා,නිශ්චිත තැන දන්නේ නෑ.භෂ්ම වුනේ නෑ.ඒ සෑය කාලයත් එක්ක අතුරුදහන් වුනායින් පසුව හදපු සෑය තමයි උඩුපිල තිබෙන්නේ.එකම එක ධාතූන් වහන්සේ නමක් ලැබිල නිධන් කොට තිබෙනවා....
@EstheticNow0
@EstheticNow0 5 ай бұрын
​@@user-fo1xs9qi7pසෑය හැදුවේ යශෝදරා මහ රහත් තෙරනිය සිහි වෙන්න. දාතූන් තැම්පත් කරා කියන එක කියලා නෑ.
@Sewwandi-Hettiarachchi
@Sewwandi-Hettiarachchi 8 ай бұрын
පිංවත් යශෝදරා මෑණියන්ගෙ පිහිටින් මා හට මගේ සැමියා සමග එකට ඡීවත් වීමට හැකි වේවා!!! මා කළ යම් හොඳ දෙයක් වේ නම් ඒ පින් මහිමෙන් මගේ සැමියා ආරකෂා වේවා!!!🙏🏻
@dildilhara7521
@dildilhara7521 8 ай бұрын
තුන් ලොවටම උතුම් පාරිශුද්ධ කාන්තා රත්නය, යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ! සාදු ! සාදු! 🙏🙏🙏🌼🌼🌼
@user-dy4ce4jf7t
@user-dy4ce4jf7t 8 ай бұрын
අවුරුදු 5 කට ආසන්න කාලයක්.හිත රිදෙන හැම වෙලාවකම අහනව.භාවනවක් වගේ ..ඇබ්බැහි වෙලා ඉන්නෙ.🥹💫
@sine.691
@sine.691 7 ай бұрын
🥺❤️සියලු කාන්තාවන්ට ජීවිත යථාර්ථය අවබෝධ වේවා. *සිදුහත් පෙම්වතිය *රාහුල මව්තුමිය දරාගන්න අමාරුයි හිතට මේ කවි වල වචන.🥺❤️
@MaheeDesilva-it5gv
@MaheeDesilva-it5gv 8 ай бұрын
මගේ පැංචි නිදාගන්නේ මේ යශෝධරා කවි දැම්මම 🥰🥺
@ashokanili2778
@ashokanili2778 7 ай бұрын
මගේ පැටියාත්
@rashmivindya1840
@rashmivindya1840 8 ай бұрын
තුන් ලොවටම පරම පරිශුද්ද වු උතුම් කාන්තා රත්නය, යශෝදරා මහරහත් තෙරණින්වහන්සේට මගේ නමස්කාර ය වේවා!!! සාදු... සාදු... සාදු...! 🙏🤍🙏
@Abhiman_Mendis
@Abhiman_Mendis 7 ай бұрын
කතෝලික මම ත් හරි ආසාවෙන් අහන කවි බණක්..👏 හිත පුදුම විදිහට නිවනවා.. ජිවිතේ ගොඩක් දෙවල් මම බුදු දහම ඇසුරෙන් අවබෝධ කර ගන්න උත්සාහ කරනවා.. 👏 සියලු දෙනාට බුදු සරණයි..👏
@manoriperera5617
@manoriperera5617 4 ай бұрын
🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroddilshan2866
@niroddilshan2866 8 ай бұрын
අවංකව ආදරය යනු මෙයයි .ඇත්තටම ආදරය යනු මෙයයි ❤❤❤❤
@SaaraHennadige411
@SaaraHennadige411 5 ай бұрын
🥺❤️
@kt-sf4pm
@kt-sf4pm 6 ай бұрын
යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙනා දරුවා නීරෝගී වේවා..සියලු අගපසඟයන්ගෙන් යුක්ත වේවා.. පින්වත් වාසනාවන්ත දරුවෙක් වේවා....🙏🙏🙏🙏🙏🙏🙏 දරුවන් නොමැති සියලු කාන්තාවන් ට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා ..නීරෝගී දරුවන් ලැබේවා ..🙏🙏🙏
@RishithaNishadh
@RishithaNishadh 6 ай бұрын
🙏🙏🙏
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 6 ай бұрын
කොච්චර ලොකු ප්‍රශ්නයක වේදනාවක හිටියත් මාරම විදිහට හිත නිවනවා ඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාරයම වේවා! සාධු ! සාධු ! සාධු !🙏🙏🙏🙏🙏
@sani-bl6ii
@sani-bl6ii 8 ай бұрын
පිංවත් යශෝධරා මෑණියන්ට මගේ නමස්කාරය වේවා!🙏 යශෝධරා මෑණියන්ගේ ගුණ ශ්‍රවණය කල පිං බලයෙන්, මගේ විවාහ කටයුතු යහපත්ව සිදු කරගන්නට ලැබී, මටයි මගේ ස්වාමිපුරුෂයාටයි දාව උපදින දරු දැරියන් සමග සතුටින්, යහපත්ව, නිරෝගිමත්ව, දීර්ඝායුෂව සහ ධර්මානුකූලව ජීවත්වීමට වාසනාව මට ලැබේවා!🙏
@nicreation6857
@nicreation6857 9 ай бұрын
මට ද පින්බර යශෝධරාවගේ මග යන්නට ලැබේවා!!! 🙏🙏🌸💮
@nalanipathirana5246
@nalanipathirana5246 7 ай бұрын
🙏🙏🙏🙏
@Anushakamuthukumara
@Anushakamuthukumara 7 ай бұрын
පිංවත් යශෝධරා මහ රහත් තෙරණියන් මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-jh8jc4sv6e
@user-jh8jc4sv6e 7 ай бұрын
පින්බර යශෝදරා මැණියන්ගෙ පිහිටෙන් මෙි මගෙ බඩෙ ඉන්න දරැවා රැකදේවා🙏🙏🙏🙏
@n.qwertyy_
@n.qwertyy_ 6 ай бұрын
ඔයාටත් ඒ පින්වත් දරුවාටත් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය, කායික මානසික සුවපත් භාවයම උදාවේවා
@user-dx6oc6bn6j
@user-dx6oc6bn6j 7 ай бұрын
පිංවත් යශෝධරා මෑනීයන්ගේ පිහිට ආනුභාව බලයෙන් .....මගේ ආදරය මා හට කිසිදු දිනෙක වේදනාවක් නොවෙවා.....සැනසීමේන් ජීවත් වෙන්න ට හැකියාව ලැබේවා ......
@Sithumini20005
@Sithumini20005 7 ай бұрын
තුන් ලෝකයේම පවිත්‍රම කාන්තා රත්නය වන පින්වත් රාහුලමාතා යසෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏මාගේ ජීවිතය පූජා වේවා 🌼
@minoliashara8927
@minoliashara8927 9 ай бұрын
මං දැන්නෑ පුදුම සැනසීමක් දැනෙන්නේ🥺හිත නිවෙනවා මාර විදිහට මේ ටික අහගෙන ඇස් පියන් ඉද්දි කදුලු එනවා නොදැනිම මන් දැන්නෑ ඇයි කියලා ඒත් මන් මාර ආසයී🥺🙏❤️
@iprathnaweera9980
@iprathnaweera9980 3 ай бұрын
මටත් එහෙමයි 🙏
@nilukanagodavithange5504
@nilukanagodavithange5504 Ай бұрын
Attha 🥺❤️
@ayoshaekanayaka7150
@ayoshaekanayaka7150 9 ай бұрын
මම අදරෙ කරන කෙනා මට කල්ප කලයක් මුන ගෙසෙවා අපි දෙන්නා ගෙ ප්‍රශ්න සෙරම විස දිලා අපි අපි වෙනුවෙන් ජිවත් වෙන්න පුලුවන් වෙත්වා එයාගෙ හිතෙ තියෙන අදරෙ මට වෙඩිවෙවා යෂොදරා මෙනියන් ගෙ පිහිට අරක්ශා ව අපි දෙන්නට ලෙබෙවා🙏🙏 🙏
@SaaraHennadige411
@SaaraHennadige411 5 ай бұрын
🥺❤️‍🩹
@user-bo9hc4oy6l
@user-bo9hc4oy6l Ай бұрын
මගෙ යශෝදරා මාතාවනි මගෙ මහත්තයා මාව දරුවො 4දෙනා දාලා යන්න ගියා.වෙන කෙනෙක් එක්ක.මගෙ හිත හදාගන්න මේ කවි මගේ ජීවිතය වෙනස් කරගන්න හිත හදාගන්න ගොඩක් උපකාරි උන අත් හැරීම මට යශෝදරා මාතාවනි පිහිට වෙන්න මගෙ දරුවො ගොඩක් දුක් විඳිනවා.මගෙ පැටව්ට මම සැප දෙනවා.
@madufernando7449
@madufernando7449 8 ай бұрын
මේ කවි ඇහෙද්දී මට හිතෙන එකම ප්‍රාර්ථනාව කවදා හරි දවසක මටත් මේ වගේ උතුම් චරිතයක් වෙන්න ඇත්නම් කියල. මේ ලෝකේ අපි කොච්චර දේවල් අසාවෙන් ලබා ගත්තත් අන්තිමට දුක විතරයි. හැම දේම දවසක නැති වෙනවා. එහෙම නැති වෙද්දීත් දරාගෙන දුක් නොවී මගේ නොවෙන ගානට අතහැරලා ඉන්න පුළුවන් නම්, ඒකයි මගේ ආසාව.
@fernandosewmini7906
@fernandosewmini7906 9 ай бұрын
මතු උපදින ආත්මෙක යශෝදරා තෙරණින් වහන්සේ සරන යම්වා 🙏🙏🙏🙏
@dew352
@dew352 8 ай бұрын
හිතේ දුකක් ඇති වුණ විට හිත නිවෙන භාවනාවක්.පිං සිද්ධ වේවා🙏🏻❤🌸
@nethmidimasha9724
@nethmidimasha9724 7 ай бұрын
රාහුල මාතාවගේ සත්‍යානුබාවයෙන් අසනීපෙන් සිටින සුරේශ් දේවප්‍රියට නිදුක් නීරෝගී සුවය ලබාදී දීර්ගායුශ ලබා දෙන්න❤🙏 ඒ අසරනයට පිහිට වෙන්න උත්තමාවියනී....😢
@reshmiama2327
@reshmiama2327 10 ай бұрын
දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏
@kalpaAnuhas-sr6nt
@kalpaAnuhas-sr6nt 9 ай бұрын
ු්‍ර
@chathurikanilukshi2045
@chathurikanilukshi2045 7 ай бұрын
මම ඉස්කෝලේ යන කාලෙ ඉදලා අහන්න ආසම තාලයක් වගේම සිතට තදින්ම කා වැදුනු වචන. අද මගෙ මහත්තයා එක්ක දරුවොත් එක්ක ජීවත් වෙන්න ගොඩාක් උදවු වෙච්ච වචන. මම කතෝලික කෙනෙක් උනත් පුන්චි කාලෙ ඉදලා යසෝදරාවන්ගෙ සිතුවිලි වලට ගරු කරා. මට අද ඒ දේවල් ගොඩාක් වටිනවා යසෝදරා මෑණියනී,,,,,,,, පිo ඔබට
@99.9-99
@99.9-99 4 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷තුන් ලොවට ම පරම පාරිශුද්ධ කාන්තා රත්නය වූ උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට අනන්ත වාරයක් මාගේ නමස්කාරය වේවා!!!♾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🎆😊.
@diliniedirisinghe8066
@diliniedirisinghe8066 8 ай бұрын
අනේ දෙවියනි මගේ පුතාට ඔබගේ පිහිට ලබා දෙන්න .මගේ හිතේ තියෙන දුක නිවලා දෙන්න 😢
@gimhaniumeshika8074
@gimhaniumeshika8074 9 ай бұрын
❤️🙏🌸 යශෝදරා රහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සැම දෙනාටම වාසනාවන්ත දවසක් වේවා සාධූ සාධූ සාධූ සාධූ🌸🙏❤️🌍🌹😊
@lisindudananjaya1221
@lisindudananjaya1221 8 ай бұрын
මං හරිම ආසයි 🥺 මේ වචන වලට 🥺
@kavindyarasanjali4877
@kavindyarasanjali4877 8 ай бұрын
යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය ..ඒ මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුන කදේ මහිමයෙන් මම ඉක්මනින් සුවපත් වේවා
@iprathnaweera9980
@iprathnaweera9980 3 ай бұрын
ඉක්මනින්ම සනිප වෙන්න 🙏
@nethmidimasha9724
@nethmidimasha9724 7 ай бұрын
මගේ හිතේ තියෙන ප්‍රශ්න මගහරවා දී මගේ හිතට සතුටක් ලබාදෙන්න රාහුල මාතාවනි😢🙏 මම ජීවීතේ වැර්දි කරලා ඇති එහෙත් මම එකම එක පොරොන්දුවක් ඔබ තුමියට උනා මම ආදරේ කරන කෙනා අවුරුද්දක් මම එක්ක සතුටින් ඉදියා ඒත් දැන් එයාගේ හිත වෙමස් වෙලා..ගොඩාක් එහෙත් මට වෙන කිසිම පුද්ගලයෙකුට හිත යන්නෙ නෑ.. අනේ මට මගේ ආදරය මගේ සතුට ආයෙත් ලබදෙන්න රාහුල මාතාවනී❤☺️ ඒ ආදරේ මට ශක්තියක් ..... යසෝදරා උත්තමාවියගේ පිහිටෙන් මගේ එයාගේ ප්‍රශ්න නැති කරවා දීලා ආයේත් අපිට සතුටිම් ඉන්න පිහිට වෙන්න මතාවනී... යසෝදරා උත්තමාවියගේ පිහිට ලබාදෙන්න🙏❤☺️
@aasujeewaify
@aasujeewaify 6 ай бұрын
obe adraya kedinaka ho obata labewa
@sujeewapriyadarshani3939
@sujeewapriyadarshani3939 5 күн бұрын
Rahula mathawani math waradi karala thiyanawa mata maga adaraya lada danna Rahul mathawani man ayata godak adarsi aurudu 7 adara kars ath aya Dan godak wanas wsla mawa black karsla mata wana aya gana hithanna maga hithats ona maga chinthaka witharai mata maga adaraya laba danna maga Rahul maniyana sadu sadu sadu sa
@Skwsamanthi
@Skwsamanthi 9 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏....පින්වන්ත රාහුල මාතා.මහ රහත් තෙරණියට..මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏☀☀☀☀☀
@user-wh5qk5gh1h
@user-wh5qk5gh1h 8 ай бұрын
පින්බර යශෝධරා මෑණියන් ගෙ පිහිටින් ම ගෙ මවටන් දරු දෙන්නාටන් කිසිම කරදරයක් නෙවෙවා ❤❤❤❤❤❤
@Isha-of5cx5mi1i
@Isha-of5cx5mi1i 9 ай бұрын
හරිම ලස්සනයි. හැමදාම අහනවා. හිත පුදුම විදියට සැහැල්ලු වෙනවා❤️🌼🙏
@surangiliyange5498
@surangiliyange5498 9 ай бұрын
පිංවත් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏
@maleekasubasani8794
@maleekasubasani8794 9 ай бұрын
යසෝදරා බුදු මෑණියන්ගේ පිහිට බලයෙන් මාගේ පුතාගේ කායික මානසික සුවය සුවපත් වේවා.🙏🙏🙏
@hareshaathennakon2225
@hareshaathennakon2225 9 ай бұрын
හැමදාම උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් අහනනේ යශෝදරාවත❤❤
@manojmendis4406
@manojmendis4406 7 ай бұрын
Math... 🙏🙏🙏
@shashikanew6597
@shashikanew6597 4 ай бұрын
🙏😊😊
@user-ps8hp6ot3i
@user-ps8hp6ot3i 8 ай бұрын
Meka ahanakota mage hithata godak loku සැනසුමk danenawa.man prarthana karanawa e pinbara පැවිදි බව ❤
@ushanwijerathna569
@ushanwijerathna569 6 ай бұрын
යශෝදරා මහරහත්තෙරනින් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@kokmadugejepin4795
@kokmadugejepin4795 7 ай бұрын
දෙකන් සැනසුනේ බුදුගුණ යසෝදරා කවි බණ පමණයි දෙමව්පියෝ ගාවට 🙏🙏❤🙏🙏
@ShampikaSiriani
@ShampikaSiriani 8 ай бұрын
පින්වත් යශෝදරා උත්තමාවිය මාගේ නමස්කාරය වේවා 🙏🙏 🙏
@hapugodachamindu6668
@hapugodachamindu6668 8 ай бұрын
හිත මාර විදිහට නිවෙනවා , ඇත්තම කිව්වොත් අන්තිම කවිය හිතට වදිනවා , ප්‍රශ්න අමතක වෙලා හිත පාවෙනවා සාදු සාදු සාදු 🙏🙂
@nextekelectronics6225
@nextekelectronics6225 5 ай бұрын
Eka maarama hegeemak
@anuddhikamadhurangi27
@anuddhikamadhurangi27 7 ай бұрын
Ane ඇඩෙනවා අහද්දී රාහුල මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏🙏
@shashinisewwandi8005
@shashinisewwandi8005 8 ай бұрын
මේ කවි බන ටික අහද්දි හිතට පුදුම සැනසීමක් ඇතිවෙනවා🙏🙏🙏
@user-kh4hy5iw1l
@user-kh4hy5iw1l 8 ай бұрын
මම මේ කවි අහන ගමන් ඒකත් එක්ක කියනවා මේ විදිහටම ලස්සනට. ඒක මාරම විදිහට දැනෙනවා .. යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !!!🙏❤️
@upaliupali4371
@upaliupali4371 2 ай бұрын
යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් මාගේ ඉදිරි කටයුතු සාර්ථක ම වේවා.... සාදූ සාදු සාදු 🙏🙏
@user-ss5bw7mm6t
@user-ss5bw7mm6t 6 ай бұрын
මාත් වදිනවා යශොදරා මහරහත් තෙරනින් වහන්සේට පුඩුම සැනසීමක් හිතට 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@jayantharajarathna2795
@jayantharajarathna2795 7 ай бұрын
සාදු සාදු පින්බර යසෝදරා මහ තෙරණියගේ අානුභාවයෙන් මගේ සියලුම කරදර නිමාවී ගොස් යහපතක්ම වේවා ! 🙏🙏🙏
@battaindika6266
@battaindika6266 7 ай бұрын
පිරිමින් una api kochara asaida mewa ahanna hamadama....amma matak wena wara anantaii...Tatta amma ekata jeewat unu kalaya apita matak una....😢😢😢😢 Yasodarawata mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial 8 ай бұрын
ඒ උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🌷☸️
@prabodalakmal5109
@prabodalakmal5109 8 ай бұрын
Budu saranai
@user-gk4pj4sq7g
@user-gk4pj4sq7g 9 ай бұрын
හරිම ලස්සනයි උදේට නැගිටින්නෙත් රෑට නිදියන්නෙත් මේක අහගෙන 🙏🙏🙏
@maleeshamunasingha8977
@maleeshamunasingha8977 8 ай бұрын
පිංවත් යශෝදරා මෑණියනට මගේ නමස්කාරයම වේවා🙏🙏🙏🙏🙏මේ පිං බලයෙන් මාගේ ප්‍රශ්නය හොදින් විසදේවා🙏🙏
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 8 ай бұрын
ඔබතුමාට හුගාක් පිං ඒවගේම මේ කවි රචනා කල....ගායනා කල..සැම සියලු දෙනාටම හුගක් පිං....දවසට දහ වතාවකට වඩා මේ කවි පෙළ අහනවා............හැමදාම....❤️..ඒ තරම් හිතට සැනසීමක් මේ සුන්දර ගායනය..මනරම් කවි පෙළ....
@fernandosathsarani4179
@fernandosathsarani4179 Ай бұрын
මේ සසරේ සැනසුම මුන ගැසේවා. මේ බවයෙන් මගෙ ජීවිත ගමනේ නැවතුම් පල අවසන් වේ වා නැවත ජීවිත නැවතුම් පලක් මුන නොගැසේවා . මේ බවයෙන් මගෙ සන්සාර ගමන අවසන් වේවා
@user-ys8je5is9p
@user-ys8je5is9p 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 🙏 අපගේ පින්වත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@shashichathu2207
@shashichathu2207 6 ай бұрын
Me nandage කටහඬ harima lassanai 💙
@gaganisenara6478
@gaganisenara6478 8 ай бұрын
යශෝදරා මෑණියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා.
@rashinidilki252
@rashinidilki252 7 ай бұрын
පින්වත් යශොදරා මහරහතන් තෙරනියට මාගේ නමස්කාරය සාදු ...සාදු ...සාදු ...🙏🌼❤️
@nadeeshaswarnapali8862
@nadeeshaswarnapali8862 Ай бұрын
හිතට ප්‍රශ්නයක් එන හැම මොහොතකම යශෝදරා කවි අහනවා. පාඩම් වැඩ වැඩි වුනාම හිතට සැනසීම දෙන්න මේ කවි වලට පුලුවන්. මට අවුරුදු 20. බුදු බණපද හිතට ගොඩක් සැනසීමයි.
@dammikapriyadarshani6544
@dammikapriyadarshani6544 8 ай бұрын
පින්වත් යශෝදරා උත්තමාවිය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@damayanthi7105
@damayanthi7105 8 ай бұрын
සුපින් වත් යශෝධරාවන්ගේ ආශිර්වාද යෙන් මහානුභාවයෙන් මා⁣ හට වැළදි ඇත්තා වු සියළු රෝග සුව වේවා,පවුලේ සියළු දෙනා⁣ටත් නිදුක් නිරෝගි දීඝායු සුව ලැබි සියළු යහපත් ප්‍රාර්තනා ඉටු වේවා,එමෙන්ම යශෝධරා වරුණ සවනට යොමු කල මෙම නාලිකාවේ නිර්මාතෘා ඇතුළු මෙම පුණ්‍ය කර්මයට දායකත්වය දුන් ඔබ සියළු දෙනාටමද නිදුක් නිරෝගි දීඝායු සුව ලැබේවා ,🙏🙏🙏
@user-eg6mm6xy7j
@user-eg6mm6xy7j 3 ай бұрын
අක්කි ටයි මටයි තත්තිටයි අම්මිටයි ලබන හැම ආත්මයකම හොදින් ඉගෙන ගෙන සිහින ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏
@thusadanuwansith6203
@thusadanuwansith6203 8 ай бұрын
පින්වත් යශෝදරා උත්තමාවීයට මාගේ ගව්රවණිය නමස්කාර ය වේවා. මගේ හිතේ ඇති දුක මේ පිං බලයෙන් දුරු වේවා. 🙏🙏🙏
@kushadisathishka2058
@kushadisathishka2058 8 ай бұрын
යසෝදරා මහරහත් ෙතරණින් වහන්ෙස්ට මා නමස්කාර කරමි.සාදු සාදු……..
@anushachandraweera3752
@anushachandraweera3752 8 ай бұрын
මේ අපේ උත්තමාවියනි මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏
@Harshani809
@Harshani809 4 күн бұрын
පිංබර යශෝදරා මාතාවට මාගේ නමස්කාරය 🙏ඇයගේ අනුභාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයෙන් පරිපූර්ණ වෙත්වා!!!
@hirudinimadushani6346
@hirudinimadushani6346 8 ай бұрын
මන් අහන්න ආසම බණ , කවී බණ ☹️😍 මං තමා ඉස්කොලේ යන්නේ එ වුනාට රෑට පිරිත් දලා නිදා ගන්නේ
@nisansalamadushika6416
@nisansalamadushika6416 8 ай бұрын
🙏🙏🙏❤️මාගේ උතුම් වූ යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏❤️
@user-xy3yr5br5p
@user-xy3yr5br5p 6 ай бұрын
මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම්ම ස්ත්‍රී රත්නය වන රාහුල මාතාව වන යශෝදරා මහ රහත් තෙරණියටත්,එම උතුම් වූ ධාතූන් වහන්සේලා දරා වැඩසිටින සිරි යශෝදරා මහ සෑ රජුන්ටත් මාගේ නමස්කාරය වේවා.....මාගේ මේ ජිව්තය පූජා කරමි ...පූරා වේවා....ස්ත්‍රියක් වන මාගේ දුර්ගුණ දුරු වී පව් කමාවේවා...මා පතන මගේ ප්‍රාර්තනා සඵල වේවා.හිතට සැනසීම ලැබේවා....
@jayanikaushalya2187
@jayanikaushalya2187 8 ай бұрын
උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@dinithisanchala2521
@dinithisanchala2521 9 ай бұрын
සිතට මාර සැනසීමක් දැනේන්න්ගේ මේ කවි වලින් 🥺♥️
@nimeshamadushani6726
@nimeshamadushani6726 9 ай бұрын
පින්බර යශෝදරා මහරහතන් වහන්සෙගෙ පිහිටෙන් අයියටයි මටයි හොද ජොබ් දෙකක් හම්බෙලා අපි දෙන්නට ඉක්මනට අපෙ හින වලට යන්න පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 8 ай бұрын
මම හැම මොහොතකම අහනවා යශෝධරා දේවියට මාගෙ නමස්කාරය වේවා!
@user-fg4of4rp1s
@user-fg4of4rp1s 8 ай бұрын
පින්බර යසොදරා මහරහත් තෙරනියන් වහන්සෙට මගෙ නමස්කරය🙏
@bhathiyajayananda9413
@bhathiyajayananda9413 8 ай бұрын
පින්වත් රාහුල මාතාවට මගේ නමස්කාරය වේවා ...
@nikleshanethusalani4629
@nikleshanethusalani4629 8 ай бұрын
යශෝදරා තෙරනිය අනුගමන කල එ ලස්සන පිලිවෙත් මගේ ජීවිතේ ට ඒවගේ ලස්සන ආදරයක් ගැන අහලා නැ මගේ ජීවිතෙ හදා ගන්නෙ මේ දර්මය නිසා මේ දර්මය් මට් හැමදාම ඇසේවා 🙏
@LLakshaniDinushika-zg7bl
@LLakshaniDinushika-zg7bl 8 ай бұрын
ඇහුවම හිත නිවෙනවා..මගෙ හිතේ සැනසීම නැති වෙන හැම වෙලාවකම වගේ මං මේක අහනවා...හිතට පුදුම සැනසීමක් ලැබෙනවා...යශෝධරා මෑණියන්ට නමස්කාර වේවා!!!!!!!!!!!💞💞💞💞💞
@Dela425
@Dela425 8 ай бұрын
යශොදරා තෙරනියගෙ පිහිට ලැබෙවා හැමදේනාටම සෙතක්ම වෙවා ! මෙවන් උතුම් කාන්තාවන් ලංක්දිවට බිහිවෙවා මුලු රටටම ලොවටම සෙත සැලසෙවා හොදක්ම වෙවා❤️🥰🙏
@mihirlakshan4003
@mihirlakshan4003 7 ай бұрын
සාධූ!සාධූ!සාධූ!යශෝයශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@user-yd7mr3so2n
@user-yd7mr3so2n 8 ай бұрын
සාදු සාදු උතුම් වූ රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-db8hh5nt9v
@user-db8hh5nt9v 8 ай бұрын
පින්වත් යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 8 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌍💫🌷
@gayaniranawaka495
@gayaniranawaka495 8 ай бұрын
පින්වත් යශෝදරා මහරහත් උත්තාමාවියට මා ගේ නමස්කාර වේවා 🙏🙏🙏
@NisansalaNideeshani
@NisansalaNideeshani 7 ай бұрын
ඇත්තටම .නිදහසක් දැනෙනවා මේ කවිය අහද්දි..🙏සාදු.සාදු.සාදු...
@LahiruSampath-eq4uh
@LahiruSampath-eq4uh 8 ай бұрын
නමස්කාර වේවා yashodara teraniyata🙏🙏🙏
@candanasrimal6588
@candanasrimal6588 7 ай бұрын
පින්වත් යශෝදරා උත්තමාවීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 115 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 25 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 530 М.
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 9 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН